gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උතුරු පලාත් සභාවේ අර්බුදය නිම නෑ.. ඇමතිවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වීමේ ලිපි බාර දෙති..

උතුරු පලාත් සභාවේ හිටපු අමාත්‍ය වරුන් දෙදෙනෙකු වන අධ්‍යාපන ඇමති ටී.කුරුකුලරාජා හා කෘෂිකර්ම ඇමති පී.අයින්ගරනේෂන් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපි උතුරු ආණ්ඩුකාර ලේකම් එන්.ඉලන්ගෝවන් මහතා වෙතට භාර දී ඇත.

අදාල අමාත්‍ය වරුන් සම්බන්ධයෙන් එල්ල වූ වංචා දූෂණ සම්බන්ධයෙන් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා විසින් ඉල්ලා අස්වන ලෙසට සිදු කල ප්‍රකාශයට අනුව අදාල අමාත්‍ය වරුන් දෙදෙනා මෙසේ ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇත.


කෙසේ වෙතත් අදාල අමාත්‍ය වරුන් දෙදෙනා විසින් දැරූ අමාත්‍යංශයන් වෙනුවෙන් මේ වන තුරු නව අමාත්‍ය වරුන් පත් කොට නොමැති අතර තාවකාලික එම අමාත්‍යංශ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා යටතේ පවතියි.

කෙසේ වෙතත් උතුරු පලාත් සභාවේ සෞඛ්‍ය අමත්‍ය පී.සත්‍යලිංගම් මහාමාර්ග අමාත්‍ය බී.ඩෙනිස්වරන් යන අයට මසක අනිවාර්ය නිවාඩු ගැන්වීමේ තීරණය ඉවත් කරගන්නා බවට උතුරු මහඇමති විසින් මේ වන විට තීරණය කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka