gossip lanka

ගම්මන්පිල පහත් නිසරු වාචාලයෙක්.. ජීවිතය එකම වංචාවක්..- හෙළ උරුමය හෙලි කරයි..

පිළිකුල් සහගත පවිටු දේශපාලනයේ ඇත්ත ස්වභාවය උදය ගම්මන්පිල ඉදිරියේම සාධක සහිතව ඔප්පු කරන බව ජාතික හෙළ උරුමය පවසයි.

මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ බොදු බල සේනා සංවිධානය සම්බන්ධ කර ගනිමින් මහින්ද රාජපක්ෂ කල්ලියේ මෙහෙයවීමෙන් ජාතික හෙළ උරුමයට එරෙහිව
සංවිධානාත්මක මඩ ප‍්‍රහාරයක් එල්ල වෙමින් තිබේ. මෙය ආරම්භ වූයේ රාජපක්ෂ කල්ලියේ අන්තේවාසිකයෙකු වන තිස්ස විතාරණ ලවා, ඥානසාර හිමියන්ව, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සඟවාගෙන සිටීයැයි චෝදනා කරමිනි.

ඊට සමාන්තරව රාජපක්ෂ කල්ලියෙන් අයුතු වාසි ලැබූ සහ දැනටත් ලබන මුද්‍රිත මාධ්‍යයක් සහ විද්‍යුත් මාධ්‍යයක් පාවිච්චි කරමින් මෙම අභූත චෝදනාව සත්‍යයක් සේ පෙන්වීම සඳහා පිළිකුල් සහගත මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ විය. දැන් එහි නව වටයක් එකී කල්ලිය විසින් ආරම්භ කර ඇත්තේ උදය ගම්මන්පිල යොදවා ගනිමිනි. මහින්ද රාජපක්ෂලා කරන බාල දේශපාලනයේ තරම තේරුම් ගැනීමට මෙය හොඳම අවස්ථාවකි. එක අතකින් තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර සහ බද්දේගම සමිත හිමි වැනි තම වාමාංශික අන්තේවාසිකයන් ලවා, ජාතික හෙළ උරුමය ඥානසාර හිමියන්ට සහාය දෙන්නේයැයි චෝදනා කරන අතරතුරම ගම්මන්පිලලා ලවා ‘ඥානසාර හිමියන්ට විරුද්ධව, ජාතික හෙළ උරුමය කතා කළොත් සියල්ල හෙළි කරනවා’ යයි කියවයි.

මහින්ද රාජපක්ෂ එක ගෝලයන් කණ්ඩායමක් ලවා ඥාණසාර හිමියන්ව වහා අත්අඩංගුවට ගන්න යයි බල කරවන අතර අනිත් ගෝලයන් කණ්ඩායම ලවා ඥාණසාර හිමියන්ට අත තිබ්බොත් බලා ගෙනයි කියා තර්ජනය කරවයි. මේ වංචනික, අධම දේශපාලනයේ ස්වභාවය දැන්වත් මේ සමාජය විසින් තේරුම් ගත යුතුව ඇත.

තිස්ස විතාරණ තම පැවැත්ම වෙනුවෙන් මෙපමණ පහත් තැනකට වැටී සිටීම එක් අතකින් පුදුම විය යුතු දෙයක් නොවේ. තම පුද්ගලික සුබ සිද්ධිය තකා රාජපක්ෂලා පවරන ඕනෑම පහත් වැඩක් කරන්නට ගොස් මේ වනවිටත් ඔහු සිටින්නේ පැරණි පක්ෂයක නම පමණක් බදාගෙන සිටින, හිටපු සාමාජිකයන්ගේ උදහසට ලක්වූ හුදකලා මිනිසෙකු වශයෙනි. එබඳු මිනිසෙක් තමන්ට ලියා දෙන දෙයක් ඔහේ කියනවා හැර, එයින්ම ජීවත් වනවා හැර වෙන කුමක් කරන්නද?

උදය ගම්මන්පිල ජාතික හෙළ උරුමය කට වැහුවේ නැත්නම් මොනවාදෝ හෙළි කරනවා යයි තර්ජනය කරයි. මෙතෙක් කලක් අපි, තම ජීවිතයම එකම වංචාවක් බවට පත් කර ගත් මේ පහත් මිනිසාගේ නිසරු වාචාල කතා පිළිකුලෙන් නමුත් ඉවසුවෙමු. එහෙත් අවාසනාවකට එහි අවසානයක් නැත. මහින්ද රාජපක්ෂලා හොරුන් යයි හැම විටම කියමින් ‘හැකි ඉක්මනින් රාජපක්ෂ ආණ්ඩුවෙන් අප ඉවත් විය යුතුය’ යන මතය ජාතික හෙළ උරුමය පක්ෂය තුළ තහවුරු කළ මිනිසාම දැන් රාජපක්ෂලාගේ ප‍්‍රධාන ආරක්ෂකයා වී සිටී.

ගෝඨාභය රාජපක්ෂ, ඥානසාර හිමිව යොදා ගනිමින් හෙළ උරුමය බිඳ දැමීමට කටයුතු කරන බව පක්ෂයට පුන පුනා ප‍්‍රකාශ කළ මිනිසාම දැන් ඥානසාර හිමිගේ ආරක්ෂයා වෙන්නට උත්සාහ කරමින් සිටී. මීටත් වඩා පහත්, මීටත් වඩා පිළිකුල් සහගත දේශපාලනයක් තවත් තිබිය හැකිද? මෙම පවිටු දේශපාලනයේ ඇත්ත ස්වභාවය උදය ගම්මන්පිල ඉදිරියේම සාධක සහිතව ඔප්පු කර පෙන්වන්නට, ඔහු විසින්ම කර ඇති අභියෝගය නියම අවස්ථාවක් කොට ගැනීමට අපි කැමැත්තෙමු.

මේ ඒ සඳහා ආරාධනයකි. පුද්ගලික, ව්‍යාපාරික, සාමාජීය සහ දේශපාලන යන සෑම අතකින්ම වංචනික සහ පහත් ජීවිතයක් ගත කරන්නේ කවුරුන්ද යන්න දැන ගැනීමට එමගින් සමාජයට කදිම අවස්ථාවක් ලැබෙනු ඇත.

අනුරුද්ධ ප‍්‍රදීප් කර්ණසූරිය
මාධ්‍ය, ජාතික හෙළ උරුමය
gossip lanka