කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන 10.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලබන 27 වනදා තෙක් විශේෂයෙන්ම රටේ නිරිත දිග ප‍්‍රදේශවලට වැසි වැඩිවිය හැකි බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට ද ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලට ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා. කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ, කොළඹ සහ ගාල්ල යන දිස්ත‍්‍රික්කවලට මිලි මීටර් 100 දක්වා වූ තද වැසි ද ලැබිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.