gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මංගලගෙන් බොන අයට සහනයක් (වීඩියෝ)

කාලයට ගැළපෙන පරිදි රටේ නීති රීති සකස් විය යුතු බවත් සුරාසල් පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් විය යුතු බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක් පිළිබඳ විවාදය ආරම්භ කරමින් ඔහු මේබව පැවසීය.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ මත්පැන් පානය කරනව නම් සෞඛ්‍යට හානි නොවන ආකාරයට බියර් වයින් පානය කිරීම සඳහා බොන අයට යම් සහන ලබාදිය යුතු බවත්, මුදල් ඇමතිවරයා ලෙස තමාගේ පෞද්ගලික විශ්වාසය බියර් හා වයින් බලපත්‍ර
ලබාදීම වඩාත් ලිහිල් කළ යුතු බව යැයිද සමරවීර මහතා කීය.

සමරවීර මහතා මෙසේද කීය.

“සුරාබදු පනත යටතේ මත්පැන් මිල සම්බන්ධයෙන් තීරණය ගැනීමට මුදල් ඇමැතිවරයා බලය පැවරී තිබෙන අතර, මත්ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීමටත් බලය තිබෙනවා. මත්පැන් බලපත්‍ර ගාස්තු හා මත්පැන් මිල සංශෝධනය කරනවා. ඒ අනුව ස්කාගාර බලපත්‍ර ගාස්තුව තල් අරක්කු සඳහා හැරෙන්න රුපියල් මිලියන සීය දක්වාද, මත්පැන් නිපදවීමේ ගාස්තු මිලියන 50 දක්වා වැඩි කරන ලදී. මත්ද්‍රව්‍ය බලපත්‍ර ගාස්තු අඩු කරන ලෙසද ව්‍යාපාරිකයන් ඉල්ලා සිටියා. මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක්ද පැවැත්වෙනවා. අධිකරණයේ තීන්දුවලට අනුව මිලියන සියය, මිලියනය දක්වාද බෝතල් කිරීමේ ලක්ෂ පහක වාර්ෂික බලපත්‍ර ගාස්තු ලෙස සංශෝධනය කළා. එය 2016.12.05 වැනිදා අති‍විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශ කළා. දැනට මත්පැන් ස්කාගාර 24ක් පවතිනවා. ව්‍යාපාරිකයන් ගෙනයන අධිකරණය ක්‍රියාමාර්ග නිසා මිල අඩු කළත් රජයේ ආදායමට කිසිසේත් එය බලපාන්නේ නැහැ. අද මත්පැන් භාවිතය විශාල ප්‍රශ්නයක් වෙලා. සියයට 61ක් පමණ මත්පැන් අද භාවිත කරන්නේ නීතිවිරෝධී මත්පැනුයි. බලපත්‍ර ගාස්තු වැඩි කරන්න වැඩි කරන්න නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙනවා. ඒ නිසා බදු සංශෝධන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. කිසිම රටක මත්පැන් පානය අවම කරන්න බැරි බව අප දන්නවා. සෞඛ්‍යයට අහිතකර නොවන බියර් හා වයින්වලට සහන ලබාදෙන්න ඕන. පෝය දවස්වලට විතරක් නොවයි වෙනත් දවස් මුල් කරගෙන මත්පැන් විකිණීම තහනම් කළත් නීති විරෝධී කසිප්පු නිෂ්පාදනය වැඩිවෙනවා. නීත්‍යානුකූල බාර් තිබෙන අය අපට කියන්නේ වැඩිපුරම බෝතල් විකිණෙන්නේ පෝයට දවසටයි කියායි. සමහර බාර් හිමියන් කරන්නේ පෝය දවසට ගෙදර ඉදන් දෙගුණයක මිලට අරක්කු විකුණනවා. නත්තල් දවසේ බාර් වහනවා. සංචාරක මෙරටට පැමිණෙ දෙසැම්බර් මාසයේ මත්පැන් හල් වසා තැබීමෙන් අදායම් නැතිව යනවා. මේ වගේ යල්පැන ගිය නීතිරීති පිළිබඳ අපි නැවතත් හිතා බලන්න ඕන. තායිලන්තය අපි වගේම බෞද්ධ රටක්. ඒ අය වසර පහ හයකට සැරයක් මත්පැන් හල් වහන්නේ මැතිවරණයක් තිබෙන දවසට පමණයි. ඒ නිසා අපි මත්ද්‍රව්‍ය විකිණීමේදී ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉන්පසුව තීන්දුව ගත හැකියි.”

වීඩියෝ  පහතින්..


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka