gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොළොන්නරුවේ අභිමානයට වෙන්න යන දේ

පොළොන්නරුවේ පුරාවිද්‍යා ස්ථාන දැන් එක් එක් අය වෙනුවෙන් බාරහාර ඔප්පු කරන ස්ථාන බවට පත්ව ඇති බවත් පසුගියදා (17) කිසියම් පිරිසක් විසින් ට්‍රැක්ටරයක පටවාගෙන ආ කොන්ක්‍රීට් මල් ආසනයක්, පින් කැටයක් හා තවත් කොන්ක්‍රීට් බඳුනක් ඓතිහාසික රන් කොත් වෙහෙර පාමුල තබා ගොස් ඇතැයිද පොළොන්නරුවේ පුරාවිද්‍යා උරුමයන් සුරැකීමේ සංවිධානය පවසයි.

 එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති පොලොන්නරුව ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්මාරක මේ විකෘති කිරීමේ හමුවේ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පවා ඉඩ ඇති බවයි.

මෙම තත්ත්වය දිගින් දිගටම සිදුවන බවත් පුරාවිද්‍යා ස්මාරක විකෘති කිරීම හෝ එහි පවතින ස්භාවයට හානි සිදු කිරීම හෝ පුරාවිද්‍යා ස්මාරක වෙනස් කිරීම හෝ දඬුවම් ලැබිය හැකි වරදක් වුවත් පොලොන්නරුව පුරාවිද්‍යා භූමිය තුළ එවැනි කටයුතු දිගින් දිගටම සිදුවන බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

 පොලොන්නරුව දළඳා මාලිගය සහ වටදාගෙය අබියස දැවැන්ත පින් කැට සවි කර ඇතැයි පවසන එම සංවිධානය මේ පිලිබඳ මුනිවත රකිමින් පුරාවිද්‍යාව හා පුරාවිද්‍යා උරුමයන් සුරකින ආයතන වන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පොළොන්නරුවෙන් ඉවත් කිරීමමේ කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක වන්නේදැයි සැක අකරණ බවත් පවසයි.

 මේ පොලිබන්දව පොලොන්නරුව මහ දිසාපති රංජිත් ආරියරත්න මහතාගෙන් අපි විමසීමක් කළෙමු. “අපි උත්සහ කරන්නේ පුළුවන් තරම් අපේ උරුමයන් ආරක්ෂා කරගන්න. අපි රන් කොත් වෙහෙර පාමුල තබන්නට කටයුතු කළ කොන්ක්‍රීට් මල් ආසනය ඇතුළු දේවල් පසුගියදා (17) සවසම ඉවත් කරගන්න ඒ අයට දැනුම් දුන්නා.

ප්‍රාදේශීය ලේකම්තුමන් මැදිහත්වී ඒවා ඉවත් කරන්න පියවර ගත්තා. පොළොන්නරුවේ පුරාවිද්‍යා උරුමයන් ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් නොවන පරිදි ජනතාවට අවශ්‍ය බාරහාර කටයුතු, වන්දනාමාන කටයුතු, කරන්න අවශ්‍ය පසුබිම හදාගන්නේ කොහොමද කියලා මූලික සාකච්ඡාවක් අපි පැවැත්වුවා. මොකද පොළොන්නරුව පුරාවිද්‍යාව තියෙන්න ඕනි.

පුරාවිද්‍යා ස්ථාන තියෙන්න ඕන මානව පුරාවිද්‍යාවක් විදිහට .” ඓතිහාසික රන්කොත් වෙහෙර පාමුල සවික කළ කොන්ක්‍රීට් ද්‍රව්‍ය ඉහළ බලධාරීන්ගේ නියමයන් පරිදි ඉකුත්දා (17) සවස් වන විට ඉවත් කරගෙන තිබිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka