gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කට නිසා මාලිංග යළිත් පැටලෙන ලකුණු

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව සිටින ක‍්‍රීඩකයින්ට හිතුමතේ මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කළ නොහැකි බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

එහි උප සභාපති කේ. මතිවානන් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ ලසිත් මාලිංග මාධ්‍යයට කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියේ දී කරුණු විමසීමක් සිදු කරනු ඇති බවයි.

මේ වනවිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු විදේශගතව සිටිනවා.
ඔවුන් යළි පැමිණි වහාම ලසිත් මාලිංගගෙන් ඒ පිළිබඳ කරුණු විමසීමක් සිදු කරනු ඇති බවයි කේ. මතිවානන් වෙත පැවසුවේය.

ලසිත් මාලිංගට මේ වන විට ක‍්‍රිකට් ආයතනයෙන් කැඳවීමක් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. ඒ පිළිබඳව නෙත් ස්පෝර්ට්ස්මන් කළ විමසීමක දී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මතිවානන් පැවසුවේ මෙතෙක් එවැනි කිසිදු කැඳවීමක් සිදු කර නොමැති බවයි.

ක‍්‍රීඩා බලධාරීන් විවේචනය කරමින් මාලිංග මාධ්‍ය හමුවේ කළ ප‍්‍රකාශයක් පිළිබඳව මෙම උණුසුම්කාරී තත්ත්වය මතුව තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka