gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජුලි පළමු වෙනිදා සිට සංශෝධිත බස් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ සියයට 6.28 කින් වැඩි වූ බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව අවම ගාස්තුව ලෙස පැවති රුපියන් 9, රුපියල් 10 දක්වා ඉහළ නැංවෙනු ඇති බවයි.


ඊට අමතරව රුපියල් 12ක්ව තිබූ බස් ගාස්තුව රුපියල් 13 දක්වාත්, රුපියල් 16 බස් ගාස්තුව රුපියල් 17 දක්වාත්, රුපියල් 20 බස් ගාස්තුව රුපියල් 21 දක්වාත් සහ අනෙකුත් බස් ගාස්තු ද සියයට 6.28කින් ඉහළ නංවා තිබෙනවා.

මීට අමතරව අධිවේගී මාර්ගවල බස් ගාස්තු ද ඉහළ නංවා තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව මහරගම - ගාල්ල රුපියල් 410ක්, මහරගම - මාතර 500ක්, කඩුවෙල  - මාතර 520ක්, කොළඹ - මාතර 530ක්, කඩුවෙල - ගාල්ල 430ක්, කඩවත - මාතර 540ක් සහ කඩවත - ගාල්ල රුපියල් 440ක් වෙනවා.

බස් ගාස්තු සංශෝධනය පිළිබඳව සම්පුර්ණ තොරතුරු මෙතනින්

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka