gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජීවිතේ එපාවී මැරෙන්න වාද්දුවේ ඉඳල ගියපු දුර ගමනක්

වාද්දුවේ සිට දරුවන් සමඟ අමනාප වී සිය දිවි නසාගැනීම සඳහා අනුරාධපුර පූජා නගරයට පැමිණි තිදරු පියෙකුගේ ජීවිතය බේරා ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලීසියට හැකි වී තිබෙන අතර, එම පුද්ගලයා නිරුපද්‍රිතව ඥාති දරුවන්ට භාර දීමට අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පෙරේදා කටයුතු කර තිබිණි.

දරුවන් සමඟ ඇතිවූ සිත් කලකිරීමක් නිසා වාද්දුව වේවැල්පිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර නගරයට පැමිණි එම 72 හැවිරිදි ව්‍යාපාරික තිදරු පියාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී ඇත්තේ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් (48312) කේ.එස්. ගාමිණී මහතා හා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් දෙදෙනෙකුටය.


අනුරාධපුර පැරණි බස් නැවතුම ආසන්නයේ පිහිටි කෘෂි රසායන අලෙවිසලක හිමිකරුවෙකු මෙහෙයුම් අංශයට ලබා දුන් තොරතුරක් ඔස්සේ මෙහෙයුම දියත් කර ව්‍යාපාරිකයා මරණයෙන් බේරාගෙන තිබිණි.

ඔහු අනුරාධපුර පැරණි නගරයට පැමිණ කෘෂි රසායන අලෙවි කරන වෙළෙඳ සලකට ගොස් කෘමින් මර්දනය සඳහා යොදන කෘමිනාශක කුප්පියක් මිලදී ගෙන තිබේ. මීට පෙර එම පුද්ගලයා කෘමිනාශක වර්ග මිලදී ගැනීමට වෙළෙඳසලට පැමිණ නැති නිසාත්, ඔහු හොඳින් හැඳපැළඳ සිටි නිසාත් ආයතනයේ හිමිකරුට ඔහු පිලිබඳ සැක සිති දිවි නසා ගැනීමට කෘමිනාශක දියරය මිලදී ගත්තේද යන්න පිලිබඳ කල්පනා කර වහාම ඒ පිලිබඳ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ පොලිස් මෙහෙයුම් අංශයට දන්වා තිබේ.

පොලිස් සැරයන්වරයා ඇතුළු නිලධාරීන් වහාම ඔහු සොයා ගැනීමට පැරණි බස් නැවතුම්පොළට පැමිණ ඇති අතර ඉවෙන් මෙන් ඔහු නුවර වැව දෙසට යන්නට ඇතැයි අනුමාන කළ සැරයන්වරයා නුවර වැව දෙසට ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයාව පොලිස් භාරයට ගෙන තිබිණි.

ව්‍යාපාරිකයා පැවසු අන්දමට ඔහු මිලදී ගත් කෘමිනාශක බෝතය ඔහු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබිණි. සිය දිවි නසා ගැනීමට සිතූ කාරණය සම්බන්ධයෙන් පොලීසිය විමසු අවස්ථාවේ වෙළෙඳාම පාඩු වීම නිසා ඉඩම්, දේපල විකුණා දැමීම සම්බන්ධයෙන් වැඩිමහල් පුත්‍රයා දොස් නැඟීම හේතුවෙන් ජිවිතයෙන් සමුගැනීමට තීරණය කළ බව ව්‍යාපාරිකයා පොලීසියට පවසා තිබිණි.

අනුරාධපුර පොලීසිය කළ දැන්වීම මත දරුවන් දෙදෙනා පැමිණ දිවි නසා ගැනීමට උත්සහ කළ පියාව ඔවුන්ගේ භාරයට ගෙන පොලිස් නිලධාරීන්ට ස්තූතිය පුදකර ගමට කැඳවාගෙන ගොස් තිබේ.

එම පුද්ගලයා පිරිමි දරුවකු හා දියණියන් දෙදෙනෙකු සිටින අතර, ඔවුන් උසස් රැකියාවල නිරතවන්නන් බව පොලීසිය පැවසුවේය. එම දරුවන් ගුණගරුක දරුවන් බවත්, පියාගේ වැරැද්දට දොස් නැඟීම නිසා අමනාපකම ඇති වී තිබෙන බවත් පොලීසිය පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka