gossip lanka

පාකිස්ථානය හමුවේ ලද පරාජය දරා ගත නොහැකි වූ ඉන්දීය පුහුණුකරු කළ දේ

පසුගියදා පැවති ශුරයන්ගේ කුසලාන ඉන්දු - පාකිස්ථාන අවසාන තරඟයෙන් ඉන්දීය කණ්ඩායම පරාජයට පත්ව පාකිස්ථනය විශිෂ්ට ජයක් ලැබුවා.

ඉන්දීය කණ්ඩායමේ පරාජයත් සමඟ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමට ඉන්දීය හිටපු දඟ පන්දු ක්‍රීඩක අනිල් කුම්බ්ලේ තීරණය කොට තිබෙනවා. මෙසේ ඉවත්වීමට ප්‍රධාන හේතුව ඔහු විසින් පනවන නීති වලට ඉන්දීය නායක විරාත් කෝලි දැඩි ලෙස විරුද්ධ වීම බවයි
වාර්තා වුණේ.

ඒ, ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයේදී පාකිස්ථානය හමුවේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වී පැය 48 ක් ගතවන්නටත් මත්තෙන්.

 චැම්පියන්ස් කුසලාන ගමන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම  ආරම්භ කලේ විවිධ වූ ගැටළු අර්බුද රාශියක් මැද වුවත් අවසන් මොහොතේ තම කණ්ඩායමට ICC යේ අනුමැතිය ලබා ගෙන ඇති බන සඳහන්.

මෙලෙස ගැටළු ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඉන්දීය ප්‍රධාන පුහුණු කරු අනිල් කුම්බ්ලේගේ ක්‍රියා කලාපය බවයි වාර්තා වුයේ.

පුහුණු කරු අනිල් කුම්බ්ලේ ගේ දැඩි නීති නිසා නායක කෝලි ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අසතුටෙන් සිටින බවට වාර්තා වුණේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනිල් කුම්ලේ පවසා ඇත්තේ ධුරයෙන් ඉල්ලා අස්වීමට මෙය හොදම අවස්ථාව බවයි.

කෝලි සහ තමා අතර තිබූ සබදතාව මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවද පුහුණු කරු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

අනිල් කුම්ලේ  මෙම තීරණය ගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායම එක්දින තරගාවලියක් සදහා  බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට දින 4 ක් මොහොතක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
gossip lanka