gossip lanka

ඉදිරි එක්දින තරඟ 10 ලංකාවට අතිශය තීරණාත්මකයි! පැරදුනොත් වෙන දේ මෙන්න

ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී පාකිස්තානය දැක්වූ දක්ෂතා මත 2019 වසරේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් අතරට පැමිණීමට ඔවුන්ට බොහෝ දුරට අවසථාව ලැබී තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක එංගලනතය හා ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවෙන අනෙකුත් කණ්ඩායම් හත සෘජුව තරගාවලියට සුදුසුකම් ලබයි.

ඒ එළැඹෙන සැප්තැම්බර් 30දාට යාවත්කාලීන කරනු ලබන අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම් අනුවය.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවෙයි. පාකිස්තාන කණ්ඩායම 6 වැනි ස්ථානයේත්, බංග්ලාදේශ කණ්ඩායම 7 වැනි ස්ථානයේත් පසුවෙයි.

ඒ අනුව තරගාවලියට සෘජුව සුදුසුකම් ලබාගැනීමේ අවදානමක් ශ්‍රී ලංකාවට පවතියි. කෙසේ වෙතත් සැප්තැම්බර් 30 දාට ප්‍රථමව ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ සමගින් එක්දින තරග පහකට හා ඉන්දියාව සමගින් එක්දින තරග පහකට ක්‍රීඩා කිරීමට නියමිතය.

මෙම තරග 10 තුළදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමෙන් ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට අවස්ථාව හිමිව තිබේ. එහිදී ඉන්දියාව හා පැවැත්වෙන එක්දින තරගාවලිය තීරණාත්මක වෙයි. ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයේ පසුවීම හේතුවෙන් ඔවුන් පරාජය කිරීම මගින් ශ්‍රී ලංකාවට ධනාත්මක වාසියක් ලබාගත හැකිවන හෙයිනි.
gossip lanka