gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වියදම ඉහළයි - ජල ගාස්තුත් වැඩි කරන්න සුදානම්

නළ මගින් ලබාදෙන පානීය ජලය නිෂ්පාදනය කිරීමේ  පිරිවැය ඉහළ ගොස් ඇති නිසා නුදුරු දිනකදීම ජල ගාස්තු වැඩිකිරීමට සිදුවන බව නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සඳහන් කළා.

ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට ලීටර් 1000ක් රුපියල් 12ක් වැනි අඩු මුදලකට ලබාදුන්නද, වෙළෙඳපොළේ ජල ලීටරයක් රුපියල් 70ක් පමණ වන බව ඇය ඊයේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියා.


ජල ගාස්තු වැඩිකරන මිළ ගණන් පිළිබඳව මේ  දක්වා ස්ථිර තීරණයකට එළඹ නැති බවයි ඇමතිවරිය සඳහන් කළේ.

නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යංශ  ලේකම් සරත් චන්ද්‍රසිරි  විතාන එහිදී පෙන්වා දුන්නේ  පානීය ජල ලීටර් 1000ක් නිපදවීම  සඳහා කළමනාකරණ හා මෙහෙයුම් ගාස්තු වශයෙන් රුපියල් 49ක පිරිවැයක් දැරීමට සිදුවන බවයි.

ණය වාරික සහ පොළිය එකතුකර බැලූවිට ජල ලීටර් 1000ක් නිපදවීම සඳහා රුපියල් 150ක පමණ වියදමක් දැරීමට සිදුවන බවද ලේකම්වරයා එහිදී සඳහන් කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka