gossip lanka

ශාරුක් ඛාන් වෙනත් රටක සුපිරි ක්‍රිකට් කණ්ඩායමක් සල්ලිවලට ගනී

දකුණු අප්‍රිකාවේදී ඉදිරියේදී ආරම්භවීමට නියමිත විස්සයි 20ලීග ක්‍රිකට් තරගාවලියේ එක් කණ්ඩායමක හිමිකාරිත්වය ඉන්දියාවේ සුපිරි සිනමා නළු ශාරුක් ඛාන් විසින් හිමිකරගෙන තිබේ.

කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ කේප් ටවුන් කණ්ඩායමේ හිමිකාරිත්වය ශාරුක් ඛාන් ලබාගෙන තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය මෙන් පැවැත්වීමට නියමිත තරගාවලියේ කණ්ඩායම්, හිමිකරුවන් හා ප්‍රධාන ක්‍රීඩකයන් ලන්ඩනයේදී එළි දැක්වීය.


ක්‍රීඩකයන් 400ක් පමණ තරගාවලියට එක්වීමට මේ වන විට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර එහි ක්‍රීඩකයන් තෝරා ගැනීම අගෝස්තු මාසයේදි පැවැත්වීමට නියමිතය.

gossip lanka