gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පකිස්තාන් ජනාධිපති මහින්දගේ සේවය අගයයි

පාකිස්ථාන සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නියෝජිත පිරිස ඊයේ (22) පාකිස්ථාන ජනාධිපතිවරයා මුණගැසී ඇත.

ඉස්ලමාබාත් අගනුවර මැම්නුන් හුසේන් (Mamnoon Hussain) ජනධිපතිවරයාගේ නිළ කාර්යාලයෙදී මෙම හමුව සිදුව තිබේ.

පාකිස්ථාන - ශ්‍රී ලංකා මිත්‍රත්වය ඉතිහාසයේ ඇතට දිව යන්නක් වුවද එය වඩාත් පරිපූර්ණ වූයේ මහින්ද රාජපක්ෂ යුගයේ දී බව පවසා ඇති පාකිස්ථානු ජනාධිපතිවරයා, පොදු රාජ්‍ය මණ්ඩලයේන් පකිස්ථානය ඉවත් කිරීම සඳහා වූ කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළ පෞද්ගලික කැපකිරීම අමරණීය කාරණයක් බවද සඳහන් කර තිබේ.

මිට අමතරව, පාකිස්ථානු අභ්‍යන්තර කටයුතු අමත්‍ය චෞදිරි නිසාර් අලිඛාන් මහතා සහ විදේශ ලේකම් ටෙමිනා ජනුජා මහත්මිය සමග ද මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මිත්‍රශීලී සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙම පිරිස තක්සලා නුවර බෞද්ධ කෞතුකාගාර නරඹා පෞරාන්තික ස්ථුපය වැදපුදා ගෙන තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka