gossip lanka

මහින්ද හිරේ දැම්මාම අදින්න ජම්පර් මහන්න මැෂිමන්ට් ගනී..

ලැජ්ජාව,විමතිය,පුදුමය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකයෝ කියන උදවිය පෙනී ඉන්න එක යැයි ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණය ඉලක්ක කරමින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ (04) මොරවක ප්‍රදේශයේ ජන
හමුවක් අමතමින් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම,

මාතෘකා දෙකයි මට කතා කරන්න තියෙන්නේ.පෙබරවාරි 10ගැනත් මහින්ද රාජපක්ෂ ගැනත් විතරයි.මහිද රාජපක්ෂ දෙවෙනි මාතෘකාව.අද නිදහස් දවස.අද උදේ නැගිට්ට හැටියේ මට දැනගන්න ලැබුන ප්‍රවුර්ති දෙකක්.නිදහස් දවසේ.පලවෙනි ප්‍රවුර්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් එකසීය අනුහය අතරින් පෞද්ගලික නිදහස.නිදහස සමරණ දවසනේ.පෞද්ගලික නිදහස සම්බන්ධයෙන් ශ්‍රේණිගත කලහම ලෝකේ රටවල් පෙළ ගස්සුවම ලංකාවට හිමිවෙලා තියෙනවා එකසීය පනස් හතරවෙනි තැන.අපිට එකක් උඩින් ඉන්නේ සිම්බාබ්වය.මේ මිනිස්සු අනාත වෙච්චි රට.අපට එකක් උඩින් ඉන්නේ සිම්බාබ්වය.පාකිස්ථානය එකසිය හතලිස් අට.ඉන්දියාව එකසිය තුන.ශ්‍රීලංකාව යහපාලන ආණ්ඩුව යටතේ එකසීය පනස් හතර නිදහස අතින්.මෙන්න අවුරුදු තුනක අස්වැන්න.අවුරුදු තුනක අස්වැන්න මේක.නිදහස් දවසේ ලැබුණු නිදහසේ ප්‍රවුර්තිය.මේක ඇතුලේ තමුන්නාන්සේලා තේරුම් ගන්න ඕන අවුරුදු තුනේ ආණ්ඩුව ඔබේ මගේ නිදහසට,රටේ නිදහසට කරපු බලපෑම කොයිතරම් සිල්ලර වෙලාද කියලා.කොයි තරම් පල්ලෙහාට අපි වැටිලා තියෙනවද කියලා.අද දවසේ ලැබුණු පලවෙනි ප්‍රවුර්තිය ඒක.

දෙවෙනි ප්‍රවුර්තිය,දෙවෙනි ප්‍රවුර්තිය මොකක්ද?..උදේ පාන්දර කන්දෙක පිරුනා රාජිත සේනාරත්න මහත්තයාගේ කතාවට.ඇහුවද උදේ.වැලිකඩ ඇඩ්රස්.මොකක්ද කිව්වේ?.. මහින්ද රාජපක්ෂට ජම්පරේ අන්දන හැටි.අපිට අහන්න තියෙන්නේ මහින්දගෙන් එකයි.මේ කියන්නේ රාජිත මහත්තයා.මහින්ද රාජපක්ෂගෙන් අහන්න තියෙන්නේ එකයි.ජම්පරේ උස කීයද කියලා.මහින්ද රාජපක්ෂට ජම්පරේ අන්දන්න නිදහස් දවසේ.අගමැතිතුමා මොකක්ද කිව්වේ?..මහින්ද රාජපක්ෂගේ ප්‍රජ අයිතිය අවුරුදු හතකට නෙමෙයි ජීවිතාන්තය දක්වා නැතිකරන්න ඕන කියලා.ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහින්ද සමරසිංහ.ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අලුත් නායකයෝ.මාධ්‍ය සහෝදරවරුනි,මේවා රටට කියන්න ඕන.ඇවිල්ලා මොනවද කිව්වේ?..ඔව් ඒක කරන්න ඕන.කරන්න පුළුවන්.කරන්න ඕන.මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න.ජම්පරය අන්දන්න.නිල් පාට,කොළ පාට පාලකයින්ට අවශ්‍ය වෙලා තියෙනවා.

අද දවසේ මිත්‍ර වරුනි නිදහස් දවසේ මතක තියාගන්න,..මේ රටේ වර්ග සැතපුම් විසිපන්දහස් තුන්සිය තිස්දෙකයි.දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වා කොළඹ ඉඳලා සංගමන් කන්ද දක්වා මේ රටේ මිලියන විසි එකක් මිනිස්සුන්ට නිදහසේ ඇවිදගෙන යන්න,,නිදහසේ සැරිසරන්න,ජාති ආගම් කුළ,දේශපාලන භේදයක් නැතිව,ජීවත් වෙන්න ප්‍රජා අයිතිය දුන්නේ කව්ද?.මිලියන විසි එකක ජනතාවට ප්‍රජා අයිතිය දුන්නේ කව්ද?..මහින්ද රාජපක්ෂ ජාතික නායකයා.රටේ මිනිසුන්ට ප්‍රජා අයිතිය දුන්නු කෙනා.ඒ ප්‍රජා අයිතිය දුන්නු කෙනාගේම ප්‍රජා අයිතිය අහෝසි කරන්න.මේ පිංචි සප්පයින්ට රටක් ඉතුරු කරපු නායකයාගේ ප්‍රජ අයිතිය අහෝසි කරන්න.අකුරැස්ස දක්වා ඇවිදගෙන ආපු මිනිස් බෝම්බය රම්බුකනට එන එක නතර කරපු මොරවකට එන එක නතර කරපු නායකයාගේ ප්‍රජා අයිතිය අහිමි කරන්නමේ ආණ්ඩුව කුමන්ත්‍රණය කරනවා.

මිත්‍රවරුනි,මිලු රටටම කියන්න ජේ.වී.පී.කාරයට ජේ.වී.පී.කරන්න යු.එන.පී.කාරයට යු.එන.පී.කරන්න ශ්‍රීලංකා කාරයට ශ්‍රීලංකා කරන්න,ටී,එන්.ඒ.කාරයට ටී.එන්.ඒ.කරන්න,මෛත්‍රීපාල ජනාධිපතිතුමාට,අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට යාපනේ ගිහින් පාරක බහින්න කව්ද මේ රට හැදුවේ?..කව්ද පරිසරය හැදුවේ?..මහින්ද මහත්තයා.ඒ මහින්ද මහත්තයාගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න මම කියන්නේ යු.එන්.පී කාරයාගේ පපුවට මේක රිදෙන්න ඕන.ප්‍රජා අයිතිය අහිමි කරන එක නෙමෙයි ඒ ගැන කතා කරන එක ඒ ගැන හිතන එක මෛත්‍රී ජනාධිපතිතුමාගේ භාෂාවෙන් කිව්වොත් නිරයට ඇදගෙන යන මට්ටමේ අපරාධයක් බැලුවම.

මම ඊයේ ප්‍රවුර්ති ශාකච්චවේදී කොළඹදී කිව්වා..එකක් අපි කියන්න ඕන මේ දිස්ත්‍රික්ක වලත් ඉන්නවා බුලත් කොලෙන් ගිහින් ආණ්ඩුවට එකතු වච්ච නායකයෝ.ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හතලිස් දෙකක් ආණ්ඩුවේ ඉන්නවා.එක්සත් ජාතික පක්ෂය ප්‍රජා අයිතිය අහිමි කිරීම අපේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකයාගේ අරුමයට කාරනාවක් නෙමෙයි.සිරිමාවොගේ ප්‍රජා අයිතිය අහිමි කලේ කව්ද?..ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ දෙවෙනි නායිකාව.කව්ද අහිමි කළේ?..එක්සට් ජාතික පක්ෂය.සිරිමාවෝ අඬ අඬ ගෙදර ගියේ.කඳුළු බේරී බේරී ගියේ.අනු අතරේ චන්ද්‍රික මැතිනිය පාර්ලිමේන්තු ඇවිල්ලා අපි යෝජනා කළා ප්‍රජා අයිතිය ආපහු දෙන්න ඕන කියලා.රනිල් වික්‍රමසිංහ මහත්තයා නැගිටලා ගියා.ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සිරිකොතේ ගෙවලයෝ විදියට තමයි අද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ය ඉන්නේ.ඒ නිසා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ දෙවෙනි නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමි කරපු අයගෙන් හතර වෙනි නායකයා මහින්ද මහත්තයා.හතර වෙනි නායකයාගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම පුදුමයටවත්,විමතියටවත්,ලජ්ජවටවත් කාරණයක් නෙවෙයි. ලැජ්ජාව, විමතිය, පුදුමය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකයෝ කියන උදවිය පෙනී ඉන්න එක. යනුවෙන් පැවසීය.

– මොරවක ප්‍රියංකර ගමගේ


gossip lanka