හම්බන්තොට ආයෝජනයට ඉන්දියාවටත් ආරාධනා

හම්බන්තොට වරාය හමුදා කඳවුරක් ලෙස යොදා නොගන්නා බවත් මෙරට වරායන් තුළ හා සමුද්‍ර කලාපය තුළදී ඉන්දීය ආරක්ෂාවට ගැටලුවක් වන කිසිම දෙයක් සිදු නොකරන බවත් හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පවසයි.

ඉන්දියාවේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් ඔහු මෙය පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී හම්බන්තොට වරාය ශ්‍රී
ලංකා රජය විසින් චීනයට වසර 99 ක දිගු කාලීන බදු පදනමක් මත ලබා දුන්නේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ විජේගුණරත්න මහතා හම්බන්තොට කර්මාන්ත කලාපයේ ආයෝජන කටයුතු සඳහා ඉන්දීය ආයෝජකයන්ට පැමිණෙන ලෙසද ආරාධනා කොට ඇත.