gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රවීට ඇමතිකම් නෑ !

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අමාත්‍යධූරයක් ලැබෙන බවට පුවත් පලවී තිබුණද ඔහුට අමාත්‍යධූරයක් හිමි නොවන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රවීට අමාත්‍යධූරයක් ලබාදීමට සුදුසු බව එජාප ප්‍රබලයින් ඇතුළු එජාප පසු පෙළ මන්ත්‍රීවරුද යෝජනා කර තිබුණද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යැවූ අමාත්‍යධූර
ලබාදිය යුතු ලයිස්තුවේ කරුණානායක මහතාගේ නම ඇතුළත්ව තිබී නොමැත.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණානායක මහතාගේද නම ඈදීම හේතුවෙන් ඔහු මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ අතර, පසුව මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද ජානාධිපති කොමිසමේ වාර්තාවෙන් ඔහුට සෘජු චෝදනා එල්ලවී නොතිබිණි.

එසේම, ඒ මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට උත්සාහ කළ ද ඊට අවස්ථාව නොලැබුණු අතර, පසුව අදාළ ප්‍රකාශය ඔහු මාධ්‍යට මුදාහැර තිබිණි.

එම වාර්තාව මගින් මහ බැංකුව සහ බැඳුම්කර ගනුදෙනුව කරුණානායක මහතා යටතේ ක්‍රියාත්මක වන හෝ ඔහුගේ බලපෑම යටතේ ඇති ආයතනයක් නොවන බවද පිළිගෙන ඇති බව කරුණානායක මහතා හෙළික කළේය.

කෙසේවුවද, එයට ඉන් පසුව විරෝධත්වයක්ද මතු නොවුණි.

මේවන විට කරුණානායක මහතාට චෝදනා එල්ලවී හෝ වරදකරුවකු නොවන බැවින් ඔහුට අමාත්‍ය ධූරයක් ලබා නොදීම අසාධාරණ බව එජාප පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අගමැතිවරයාට පවසා තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka