gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙහෙකාරිය වෙරිවී සුදු හාම්පුතා මරාදමයි

එංගලන්ත ජාතිකයකු වූ 70 හැවිරිදි ක්‍රිස්‌ට්‍රොෆපර් බූඩ් පේලි නමැත්තාට බෝතලයකින් පහරදී ඔහු මරාදමන ලදැයි කියන ඔහුගේ මෙහෙකාරිය ලබන 21 තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතලේ අතිරේක දිසා විනිසුරු සේසිරි හේරත් මහතා නියෝග කළේය.

ඒ අනුව මෝගනන් බාල් කල්‍යාණි නම්වූ 33 වියැති සැකකාරිය වෛද්‍ය
පරික්‌ෂණයකට පෙනී සිටීමට නියමිතය.

මියගිය තැනැත්තා ශ්‍රී ලාංකික කාන්තාවක සමඟ මාතලේ පලාපත්වල උඩුගම පදිංචිව සිටි අතර එහිදී තමා බීමත්ව තම හාම්පුතාට පහරදුන් බවට සැකකාරිය මාතලේ පොලිසියට පාපොච්චාරණය කළාය.

පහරදීම සිදුවන අවස්ථාවේ සුදු ජාතිකයාගේ බිරිය නිවසින් බැහැර ගොස්‌ සිට ඇත. එම නිවස පරීක්‌ෂා කිරීමට අවසර දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමට අතිරේක දිසා විනිසුරු සේසිරි හේරත් මහතා අවසර දුන්නේය.

වැඩබලන මහෙස්‌ත්‍රාත් වසන්තා ධර්මකීර්ති මහත්මිය අදාළ මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය පැවැත්වීමට නියමිතය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka