gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාහන මිල නැවතත් ඉහලට? ඉහල යන මිල ගණන් මෙන්න

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන ලද 2018 වසර සඳහා වන අයවැය යෝජනාවලට අනුව බොහෝ වාහන මාදිලිවල මිල ගණන් සංශෝධනයට ලක්විය. අය වැයෙන් පසු සිදුවූ එම මිල ඉහළ පහළ යෑම්වලින් අනතුරුව එන්ජින් ධාරිතාව 1000 cc වාහන වල මිල සැලකියයුතු මට්ටමින් අඩුවිය.

නමුත් මේ දිනවල නැවතත් වාහනමිල ඉහල ගොස්
ඇතිබවට වාහන වෙළඳපොලේ ආරංචියක් පැතිරගොස් තිබේ. මේ පිළිබඳව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අවසන්නේ මෙවැන්නකි.

වාහන මිලෙහි ඉහළ යාමක් සිදුවන බවට පැතිර යන පුවත සත්‍යයක්. දැනට පවතින තත්ත්වය අනුව එන්ජින් ධාරිතාවය අඩු වාහනයක් රුපියල් ලක්ෂයකින් පමණත් විශාල ප්‍රමාණයේ වාහනයක් රුපියල් ලක්ෂ 1 1/2කින්, 2කින් පමණත් ඉහළ යාමේ ඉඩකඩක් තිබෙනවා. උදාහරණයක් ලෙස සඳහන් කළොත් මේ දිනවල ඉතා ජනප්‍රිය සුසූකි වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂයකින් පමණත් ටෙයෝටා විට්ස් වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ එක හමාරකින් දෙකකින් පමණත් මිල ඉහළ යාමක් සිදුවේවි.

තවදුරටත් අදහස් පලකරන සම්පත් මෙරෙන්චිගේ මහතා පවසන්නේ රට තුල පවතින දේශපාලන අස්ථාවරත්වය හා රුපියලේ අගය අවප්‍රමාණය වීමත් අමෙරිකාවේ පවතින ගැටලුකාරී තත්වය හේතුවෙන් ජපන් යෙන් අගය ශක්තිමත් වීමත් හේතුවෙන් මෙම වාහන මිල ඉහළයාම සිදුවී තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka