gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සම්පන්දන් - සුමන්තිරන් භංගවේවායි කියමින් පොල්ගහයි

දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා භංගවේවායි වවුනියාව අතුරුදන් වූවන්ගේ ඥාතීහු පසුගිය 24 වැනිදා දහවල් වවුනියාවේදී විරෝධතාවක නිරත වූහ. මේ විරෝධතාවයේ නිරත වූ පිරිස වවුනියාව කන්දසාමි කෝවිල වෙත ගොස් පුහුල් කපා දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට දෙස් දෙවොල් තැබූ අතර අනතුරුව තම ඥාතීන් අතුරුදන් කළ පිරිසට ශාප
කරමින් කෝවිල ඉදිරිපිට පොල් ගැසීමද කළහ.

දෙමළ ජාතික සන්ධානයේ නායක සම්පන්දන් මන්ත්‍රිවරයාගේ හා සුමන්තිරන් මන්ත්‍රිවරයාගේ අනුරූ සාදා ඒ ඉදිරිපිට තොවිල් නටා දෙමළ ජනතාවගේ හතුරන් වූ ඔවුන් විනාශ වේවායි ඔවුහු ප්‍රාර්ථනා කළහ.

යුද සමයේ අතුරුදන් වූවන් සොයා දෙන ලෙසට ඉල්ලා වවුනියාව දිස්ත්‍රික් අතුරුදන් වූවන්ගේ ඥාතීන් උපවාසයක් ආරම්භ කොට වසරක් ගතවුවද අතුරුදන් වූවන්ගේ ගැටලුව වෙනුවෙන් නිසි විසඳුම් නොලැබීමට විරුද්ධව අතුරුදන්වූවන්ගේ ඥාතීහු වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

අනතුරුව විරෝධතාකරුවන් වවුනියාව නගරය හරහා ගමන් කොට වවුනියාව කන්දසාමි කෝවිල ඉදිරිපිටදී දේව කන්නලව්වකින් අවසන් විය.

මීට වසරකට පෙර යුද්ධය හේතුවෙන් අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කර සිටියේ අතුරුදන් වූ සිය දරු මුනුබුරන් සොයා දෙන ලෙසටත්, ඔවුන් වෙනුවෙන් විශ්වාසවන්ත පිළිගත හැකි විසඳුමක් ලබාදෙන ලෙසටත් ඉල්ලමිනි.

අදාළ සත්‍යග්‍රහය අතරතුර රටේ නායකයාගේ සිට සියලුම බලධාරීන් හමුවී අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් විවිධ මට්ටමේ සාකච්ඡා පැවැත්වුවද මෙතෙක් තමන්ට පිළිගත හැකි විසඳුමක් නොලැබුණු බවට සත්‍යග්‍රහයේ නිරත වූවෝ කියා සිටියහ.

දේශපාලන නියෝජිතයන් තම ගැටලුවලට විසඳුම් දෙන බව පවසමින් තමන්ගේ ඡන්දය ලබාගත්තද ඔවුන් හරහා තමන්ගේ ඥාතීන් සොයා ගැනීමට හෝ ඔවුන්ට සිදුවූ දේ සම්බන්ධයෙන් පිළිතුරක් මෙතෙක් ලබාගත නොහැකි වූ බවද ඔවුහු කීහ.

වවුනියාවේ ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට වසරක් ගෙවීම නිමිත්තෙන් එයට සහාය ලබාදීමක් වශයෙන් වවුනියාවේ විවිධ වූ ස්වේච්ඡා සංවිධාන හා පුරවැසි කමිටු සාමාජිකයන්ද මේ දිනවල සත්‍යග්‍රහය ඉදිරිපිට හිඳමින් වත්මන් රජයට විරෝධය පළ කරමින් කියා සිටියේ වසරක් ගෙවුණු සත්‍යග්‍රහයට විසඳුමක් ලබාදිය නොහැකි රජයක් පිළිබඳ කෙසේත් විශ්වාසයක් තැබිය නොහැකි බැවින් මේ ගැටලුවට අන්තර්ජාතික හෝ මැදිහත් වී රජයට බලපෑම් කොට පිළිගත හැකි විසඳුමක් ලබාදිය යුතු බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka