gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විස්සයි 20 තරගාවලියේ ජය ලංකාවට

බංග්ලාදේශයට එරෙහිව ඊයේ (18) පැවති දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගය ජයගැනීමට ශ්‍රී ලංතා පිල සමත් විය.

ලකුණු 75කින් තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියද 2-0 වශයෙන් ජයගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව ශ්‍රී කණ්ඩායමට පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන් අතර නියමිත පන්දු වාර 20 අවසානයේදී ශ්‍රී
ලංකාව කඩුලු 04ක් දැවී ලකුණු 210ක් රැස් කර තිබුණි.

කුසල් මෙන්ඩිස් විසින් පන්දු 42කදී ලකුණු 70ක අනගි ඉනිමක් ක්‍රීඩා කළ අතර, මෙයට හතරේ පහර 06ක් සහ හයේ පහර 03ක් ඇතුළත් විය.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 42ක්ද, තිසර පෙරේරා ලකුණු 31ක් ද, උපුල් තරංග ලකුණු 25ක් ද දසුන් ශානක නොදැවී ලකුණු 30ක් ද රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී මොහොමඩ් යසිෆුඩින්, අබු ජෙයිඩ්, සෞම්ය සර්කාර් සහ මුශ්ටෆිසුරි රහීම් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

කෙසේවෙතත්, ලකුණු 211ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 03ක් තුලදී සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 135ක් පමණි.

පන්දු යැවීමේදී ෂෙහාන් මධුසංක හා ධනුෂ්ක ගුණතිලක කඩුලු 02ක බැගින් බිඳ දැමූහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka