gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ජනවාරි 8 ජනබලයේ වෙනසක් නෑ'- සම්බන්ධන්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනතාව විසින් ලබාදී ඇති ජන බලයට මෙතෙක් කිසිදු හානියක් සිදුනොවී ඇති බවත් ඒ හේතුවෙන් ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යා යුතු බවත් විපක්ෂනායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

මේ බව තමා පසුගිය 16 වැනිදා ජනාධිපතිවරයා හමුවී
පැවැසූ බව සම්පන්දන් මහතා "මව්බිම" පුවත්පතට සඳහන් කර ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව යම් පසුබෑමකට ලක්ව තිබුණත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට 2015 ජනවාරි මස 08 වැනිදා ලැබුණු ජන බලයේ වෙනසක් සිදුවී නොමැති බව වටහාගත යුතුව ඇති අතර එදින ජනවරමට ගරු කරමින් ජනාධිපතිවරයා ඉදිරියට ජනතා අපේක්ෂා ඉටුකිරීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා අවධාරණය කර සිටියි.

මේ බව සම්බන්ධන් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීද පවසා තිබේ.

ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් සහයෝගීව කටයුතු කරමින් ජනතා අපේක්ෂාවෙන් ඉටුකළ යුතුව ඇති බවට සම්පන්දන් මහතා දෙපාර්ශ්වයටම අවධාරණය කොට ඇති අතර ජනතා කාර්යයන් රැසක් ඉටු කිරීමට තිබියදී වත්මන් ආණ්ඩුව මේ අවස්ථාවේ වෙනස් නොවිය යුතු බවද මෙම හමුවලදී පවසා ඇත.

රනිල්ට සහය පළකිරීම !

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය සහතික කර ගැනීමේ අර්බුදයක් මතුවුවහොත් එජාපයට සහයදීමට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා එකඟත්වය පළකර ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැවතිය ද ඔහු මෙතෙක් නිලවශයෙන් එවැන්නක් ප්‍රකාශ කර නොමැත.

පාර්ලිමේන්තුවේ බහුතර බලය සහතිකකර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය නිල විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කර ඇද්දැයි 'බීබීසි'ය විමසූ විට ඊට පිළිතුරු දුන් කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් මහතා,"එවැනි සාකච්ඡාවක් තවමත් සිදුකර නැති" බව සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka