gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මඩවල උපාලි හිමියගේ නව නිපැයුමට පේටන්ට් බලපත්‍රය (photos)

බණ්ඩාරවෙල , කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රත්මල්කන්ද ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය මඩවල උපාලි හිමියන් විසින් නිපදවන ලද නව නිපැයුම් රථයකට පේටන්ට් බලපත්‍රයක් ලැබී තිබේ.

සූර්ය ශක්තිය , විභව ශක්තිය , ප්‍රතිප්‍රාප්තිය මූලධර්මය හා විද්‍යුත් ප්‍රතිගාමක බලය උපයෝගි කරගෙන මෙම නිපැයුම සිදු කළ බව උපාලි හිමියෝ පවසති.

මෙය සූර්ය ශක්තියෙන් ක්‍රියාකරන බවත් ,
ධාවනයේදී ඇති විභව ශක්තිය හා තිරිංග යෙදීමේදී ක්ෂය වන චාලක ශක්තියද නැවත විද්‍යුත් ශක්තිය බවට හරවා එම ශක්තිය නැවත බැටරිය තුළම ගබඩා කර භාවිතයට ගැනීම මෙහි විශේෂත්වයක් බවද උන්වහන්සේ සඳහන් කරති.

දැනට ලෝකයේ බරපතල ප්‍රශ්නයක් වන ගෝලීය වායු දූෂණයට හා උණුසුම්කරණයට සෘජුව බලපාන කාබන්ඩයොක්සයිඩ් , සල්ෆර්ඩයෝක්සයිඩ් ආදී විෂ පිට නොකිරීම මෙම රථයේ ඇති තවත් විශේෂත්වයකි.

ඇවිදීමේ අපහසුතාවයන් ඇති සියලු දෙනාට ව්‍යාපාරික පරිශ්‍රයේ නිතර එහා මෙහා ගමන් කරන නිලධාරීන්ට හා කාර්යමණ්ඩලයට මෙම රථය මනා පිටිවහලක් වන බවද උන්වහන්සේ පෙන්වා දෙති.
සමාන්‍ය ගමනාගමනයට වුවද , වියදම් රහිතව මෙම රථය යොදාගත හැකිය. උපරිම වේගය පැයට කි.මි 30 කි. පුද්ගලයන් දෙදෙනෙකුට මෙහි පහසුවෙන් ගමන් කළ හැකිවේ.

පැවිදිවීමට පෙර උන්වහන්සේ විද්‍යා ගුරුවරයෙකි. තම ආරණ්‍ය සේනාසනයේ සිට විවිධ පර්යේෂණවල නියැලෙන උන්වහන්සේ චතුර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙසද ප්‍රකටය.

(අද)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka