gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාතික ආණ්ඩුව පිළිගන්නවා - කතානායක

ජාතික ආණ්ඩුව ඉදිරියට ගමන් කිරීම නීත්‍යානුකූල බවත් නැවත එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවත් කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය.

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් තමන් නීති උපදෙස් ලබා ගත් බව පැවසූ කතානායකවරයා ජාතික ආණ්ඩුව පිළිගැනීමට සිදුවන බවත් පැවසීය.

ජාතික ආණ්ඩුව පිළිබඳව අගමැතිවරයා හා සන්ධානයේ මහලේකම්වරයා පාර්ලිමේන්තුවට මේ වනවිට ප්‍රකාශයක් කර ඇති බැවින් තවදුරටත් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවට තමන්ට නීති උපදෙස් ලැබී ඇති බවත් මන්ත්‍රීවරු ඉල්ලා සිටින ලියවිල්ලක් වේ නම් එය ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයාමේ ලියවිල්ල ඉදිරිපත් කරන ලෙසත් එසේ ඉදිරිපත් නොකළහොත් ජාතික ආණ්ඩු‍වේත් කතානායක ධූරයේත් වලංගුභාවයක් නොමැති බවට ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් නැඟු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka