gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උදයංගට රතු වරෙන්තුවක් ගනියි : අරන් එන්න FCID ය ඩුබායි යයි

ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නොවුණ හෙයින් අත්අඩංගුවට ගැනීමට අවස්ථාව නොලැබුණ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් ඩුබායි අධිකරණයට කරුණු ඉදිරිපත්කර ඔහු රැගෙනඒමට නීතිපති දෙපාර්තමේන්තුවේ හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඩුබායි වෙත ගොස් තිබේ.

පෙරේදා (20) ඩුබායි බලා මෙසේ පිටත්ව ගොස් ඇත්තේ
රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පී.කේ.ඩී. ප්‍රියන්ත යන දෙදෙනාය.

පසුගිය 04 වැනිදා උදයංග මහතා ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ අතර රාජතාන්ත්‍රික ප්‍රශ්න හා සැකකරුවන් හුවමාරු කර ගැනීමේ උදර්පන නීතිය මුල්කරගනිමින් පැන නැගුණු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් පසුගියවර උදයංග ලංකාවට රැගෙනඒමට නොහැකිවූ බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටී.

අදාළ, තත්ත්වයන් හේතුවෙන් ඔහු රැගෙනඒමට ගිය 7දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම හිස් අතින් නැවත දිවයිනට පැමිණියේය.

රතු වරෙන්තු නෑ !

එම අවස්ථාවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සතුව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නොවූ බවත් පැවසෙන අතර මේ අවස්ථාවේ ඔවුන් ගොස් ඇත්තේ ජාත්‍යන්තර රතු වරෙන්තුවක් රැගෙන බවත් පැවසේ.

කෙසේවුවද, මේ තත්ත්වය හේතුවෙන් උදයංග මහතාට රටෙන් පිටවීම ඩුබායි බලධාරීන් විසින් තහනම් කර ඇති බවද වාර්තා වේ.

මෙවර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජාත්‍යන්තර රතු වරෙන්තුවක් රැගෙනයන බැවින් එය නීති විරෝධී ලෙස ලබාගත් එකක් යැයි කරුණු දැක්වීමට උදයංග මහතාගේ නීතීඥයන් සූදානම් වන බවද මේ අතර වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka