gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ත්‍රී රෝද රථ ගාස්තුව ඉහළට - රජයටත් අනතුරක්

ත්‍රී රෝද රථවල අමතර කොටස් මිල ඉහළ යාම නිසා ලබන මස 26 වැනිදා සිට ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය කියයි.

අමතර කොටස්වල මිල පහත දැමීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යංශයට හා මුදල් අමාත්‍යංශයට කොතෙක් කරුණු ඉදිරිපත් කළත් මේ වන තුරු ඒ ගැන අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම
තීරණය ගත් බව එම සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා කියා සිටී.

ඒ අනුව දැනට දෙවන කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 50 දක්වා ඉහළ නංවන බව ඔහු පැවසීය.

විශේෂයෙන් ත්‍රී රෝද රථවලට කල්බදු සමාගම්වලින් කෙරෙන අසාධාරණකම කර්මාන්තය පවත්වාගෙන යාමට විශාල බාධාවක් බව කී ඒ මහතා , ඒ පිළිබඳව ද අමාත්‍යංශයට බොහෝ වතාවක් දැනුම් දී ඇති බව කියා සිටියේය.

එමෙන්ම සමාගම්වලින් කෙරෙන අසාධාරණකම්වලට එරෙහිව ලබන 28 වැනිදා මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් කරන බවද හෙතෙම පැවසීය.
ලක්ෂ 10 ක් වන ත්‍රී රෝද රථ රියැදුරන්ගෙන් යැපෙන සංඛ්‍යාව ලක්ෂ 50 ක් පමණ බවත් මෙම ගැටලු සඳහා ක්ෂණික විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් ලබන මැතිවරණයේදී මෙම ඡන්ද ප්‍රමාණය රජයට එරෙහිව පාවිච්ච කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka