gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කරන්නාගොඩ ගැන අවසන් තීරණය 08 දා

වර්ෂ 2008 - 2009 කාලවකවානුවලදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවිකා හමුදාපති වසන්ත කන්නාගොඩ මහතා පිළිබඳව ගන්නා අවසන් තීන්දුව ලබන මාර්තු 08 වැනිදා අධිකරණයට දැනුම්දීමට නියමිතව ඇති අතර, මේවන විට හෙළිව ඇති තොරතුරු අනුව රහස් පොලිසිය ඔහුව
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

පසුගිය 22 වැනිදා අදාළ නඩුව කැඳවමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මේ සම්බන්ධ අවසන් තීරණය ලබන 08 වැනිදාට ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

කෙසේවුවද, මීට පෙර අවස්ථා ගණනාවකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ තරුණයින් අතුරුදහන්වීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයා අවබෝධයක් හා දැනීමක් තිබුණ බවට අධිකරණයට දන්වා තිබිණි.

ලබන 05 දා රියර් අද්මිරාල් ගුරුගේ CID යට

මේ අතර, ලබන මාර්තු 05 වැනිදා රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතාට මේ සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

ඒ ගුරුගේ මහතා එවකට නාවික හමුදා පරිපාලනය භාරව සිටි නිලධාරියා නිසාය.

මේ වන විට මෙහි සැකකරුවන් ලෙස සම්පත් මුණසිංහ, නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක, නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ, නාවික නැවි ලක්ෂ්මන් උදයකුමාර, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, තම්මිට ඉහලගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරණලාගේ කිත්සිරි, කස්තුරි ගාමිණී සහ මුතුවා හැන්නද අරුණ තුෂාර මෙන්ඩිස් යන අය පසුගියදා අධිකරණයේ පෙනී සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka