gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි

මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති EAP සමූහයේ වත්කම් විදේශීය ආයෝජකයකුට විකිණීමේ මහා පරිමාණ ගනුදෙනුව සැඟවුණු ගැනුම්කරුවකුට හිමිවන අත යට ගනුදෙනුවක් විය හැකිබවට තොරතුරු අනාවරණය වෙමින් පවතී. මෙකී ගනුදෙනුව මේ වන විට ශ්‍රී ලාංකේය ව්‍යාපාරික දැවැන්තයන් අතර ප්‍රශ්නයකට තුඩු දෙමින් තිබේ. සිංගප්පූරුවේ ස්ථාපිත Straits Grid ltd නම් සමාගම වන අතර ගනුදෙනුවට මැදිහත් වූ බ්‍රෝකර්වරයා
ලෙස කටයුතු කරන මැලේසියානු ව්‍යාපාරික සුදීර් ජයරාම් විසින් අදාළ වත්කම් සඳහා ඉදිරිපත් කරන ලද මිල වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 60කි. ඔහු කටුනායක ගුවන්තොටුපොළෙන් ඇමෙරිකානු ඩොලර් 50,000ක් සඟවාගෙන යද්දී හෙළි වී ඇත.

ආරංචි මාර්ග දක්වන අන්දමට මෙම ගනුදෙනුවේ පසුබිමේ සිටින සැබෑ ගැනුම්කරු වන්නේ බි්‍රතාන්‍යයේ ස්ථාපිත ලයිකා ගෘප් (Lyca Group) සමාගමයි.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රකෝටිපතියකු වන අලිරාජා සුබාස්කරන් එම සමාගමේ හිමිකරු වන අතර ප්‍රංශයේ සිදු වූ කළු සල්ලි ජාවාරමකට සම්බන්ධතාවක් කියැවෙන බැවින් ඔහුගේ වටපිටාවද මතභේදාත්මකය.

මේ වන විට මහ බැංකුව යටතේ පාලනය වන එදිරිසිංහ පවුලේ සමාගම්ද ඇතුළු වත්කම් සඳහා මෙරට සමාගමක් වන ශ්‍රී ක්‍රිෂ්ණ ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 61ක ලංසුවක් ඉදිරිපත් කර තිබේ.
මෙසේ විකිණීමට සූදානම් වන්නේ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්, ස්වර්ණවාහිනී රූපවාහිනි ආයතනයද ඇතුළත් වන EAP බ්‍රෝඩ්කාස්ටින්, සිනමා ශාලා ඇතුළත්ව EAP Films, සෆායර් හෝටලය සහ ස්වර්ණමහල් ජුවෙලරීස් යන සමාගම්වලට අයත් වත්කම්ය.

එකී වත්කම් සඳහා මිල ගණන් ඉදිරිපත් කළ මෙරට ව්‍යාපාරිකයා තමන් ඉදිරිපත් කළ මිල පිළිබඳව මහ බැංකුවේ නිලධාරීන් විනිවිද භාවය සහ යහපාලනයේ අර්ථ ප්‍රකාරව විනිදභාවයකින් සැලකිල්ලක් දක්වා ඇති බවට මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත පැමිණිල්ලක් කර ඇත.

තම සමාගම නිවැරැදි ක්‍රියාපටිපාටියක් අනුගමනය කර ඇති අතර ගිවිසුමක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවද එමඟින් පෙන්වා දී තිබේ.

එසේම තනි පුද්ගලයකු වන විදේශීය ගැනුම්කරු සමඟ ගනුදෙනු කිරීම ගැනද මහ බැංකුවට චෝදනා නඟා තිබේ.

ස්වර්ණමහල් ෆයිනෑන්ස් හි කොටස් ඊයේත් කොටස් වෙළෙඳපොළේ සංසරණය වූ අතර සාකච්ඡා තවදුරටත් පවතින බවත් මහ බැංකුවේ අනුමැතිය තවමත් ලැබී නැති බවත් එම සමාගම පැවැසීය.

ලයිකා සමාගමට කොටස් විකිණීමක් ඊයේ සිදුවූ බවට කියැවෙන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් එම ප්‍රතිචාරය ලැබිණි.

ලයිකා සමාගම වරක් අන්තර්ජාල සේවා සපයන්නකු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස්කරුවකු වූ Sky Network හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සමඟ එක් විය.

විදෙස් ලංසුකරු මේ වන විටත් සිය ක්‍රියාදාමය අරඹා EAP සමාගම වෙත රුපියල් මිලියන 400ක ණය පහසුකම් ලබාදී ඇති බව මහ බැංකුව කියයි.

මෙම ගනුදෙනුව හරහා ඉතා අනගි රූපවාහිනි සහ ගුවන්විදුලි තරංග විදේශිකයකු අතට පත්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආයතනයන්හි දැඩි අවධානය යොමු වී ඇති බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි. බොහෝ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන ඉල්ලා ඇති සංඛ්‍යාත ඔවුන් වෙත ලබා නොදී ඇති පසුබිමක් තුළ මෙම ගනුදෙනුව සිදුවෙයි.

ආයෝජන මණ්ඩලයේ රීති අනුව මාධ්‍ය සමාගම්වල කොටස්වලින් 40%කට වැඩි ප්‍රමාණයක් හිමිකර ගැනීමට විදේශිකයන්ට අවස්ථාව නොලැබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka