gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

" දහ අටට අඩු අයට රූම් දුන්නොත් බලාගෙනයි" ‍බාලවයස්කරුවන් රූම් යාම නවත්තන්න අධිකාරිය වැඩට බහියි .!

බාලවයස්‌කරුවන්ට ලැගුම්හල්වල කාමර පහසුකම් ලබාදීමෙන් වළකින ලෙස ජාතික ළමාරක්‍ෂක අධිකාරිය සියලුම ලැගුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටී.

කාමර පහසුකම් ලබාදෙන ස්‌ථාන දිවයින පුරා දක්‌නට ලැබෙන අතර ඇතැම් ස්‌ථානවල බාලවයස්කාර දරුවරුන් ලිංගික කටයුතුවලට යොදා ගන්නා බවට විවිධ පුවත් වාර්තා වීම සුලභ සිදුවීමක් බවට පත්ව තිබේ. එම නිසා තමන් නවාතැන්
පහසුකම් ලබාදෙන ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම ජාතික හැඳුනුම්පත් පරීක්‍ෂා කර බැලීමට ලැගුම්හල් හිමියන් සිය අවධානය යොමුකළ යුතු බවට එම අධිකාරිය පවසනවා.

මෙවැනි ලැඟුම්හල් පරීක්ෂා කිරීමේ වැඩසටහනක්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ආරම්භ කර තිබෙන බව සදහන්.

එමෙන්ම මෙලෙස බාලවයස්‌කරුවන්හට තාවකාලික නවාතැන් ලබා දෙන ලැගුම්හල් පිළිබඳව ළඟම ඇති පොලිස්‌ ස්‌ථානයට හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා ජාතික ළමාරක්‍ෂක අධිකාරිය දැනුවත් කරන්නැයිද මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka