gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාපය හදිසියේම අද සිරිකොතට රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරවරු 11 ට එය පැවැත්වෙන බවයි එහි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ.

ඒ සදහා කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කරන
සාමාජිකයින්ට ඊයේ පස්වරුවේම ආරාධනා කර ඇති බව සදහන්.

එහිදී යහපාලන ආණ්ඩුවේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය පිළිබදව මෙන්ම, එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් හට ගෙන ඇති අර්බුදකාරි තත්ත්වය පිළිබදව සාකච්ඡා වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, අද රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී ආණ්ඩුවේ පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම, ආණ්ඩුවක් පිහිටුවීමට දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka