gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඡන්දයදා TV ඇඩ්වල මුදල් ආපසු ?

පළාත් පාලන ඡන්දයේ නිල ප්‍රතිඵල ලබා ගැනීමට මැතිවරණ කොෂන් සභාවේ සජීව ප්‍රතිඵල සම්බන්ධය (Election Results Link) ලබාගත් සියලු මාධ්‍ය ආයතනවලට ඒ සම්බන්ධයෙන් ගෙවීමට සිදුවූ මුදල් ආපසු ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව ඒ වෙනුවෙන් අයකරගන්නා ලද රුපියල් 75.000/- ක මුදල ආපසු ලබාගත හැකි බව දන්වමින් මැතිවරණ කොමිසම විසින් පෙරේදා (15) ෆැක්ස්
මාර්ගය ඔස්සේ මාධ්‍ය ආයතන වෙත ලිපි යොමුකර ඇති බව වාර්තා වේ.

කෙසේවුවද, මේ පුවත මාධ්‍යයේ පලවීම නවත්වා ගැනීමට රූපවාහිනී ආයතනවල ප්‍රධානීන් විශාල වෙහෙසක් ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඊට හේතුව වී ඇත්තේ මැතිවරණ දින රාත්‍රියේ විශේෂ ඡන්ද විකාශන සඳහා අධික මුදල් ප්‍රමාණයක් අයකරමින් දැන්වීම් ගැනීමට අදාළ රූපවාහිනී මාධ්‍ය ආයතන කටයුතු කර තිබීමත්, එම දැන්වීම් ලබාදුන් පිරිස් මැතිවරණ ප්‍රතිඵල නොලැබීම නිසා එම විකාශ දියාරුවී ගිය බව පවසමින් සිය දැන්වීම් මුදල් ආපසු ඉල්ලා සිටීමත් නිසාය.

පුවත්පත්වල මේ පුවත පලවීම අදාළ මාධ්‍ය ආයතන විසින් නවත්වාගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, එසේ දැන්වීම් පල කළ ප්‍රධාන ආයතනයක වෙළෙඳ කළමනාකරුවකුගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ එදින වෙළෙඳ ප්‍රචාරවලින් සැලැකිය යුතු වාසි අත්නොවුණ බැවින් එසේ ලබාගත් දැන්වීම් වලින් ප්‍රතිශතාත්මක මුදලක් නැවත ලබා දෙන්නේ නම් එය මාධ්‍ය ආයතනවල සදාචාරාත්මක බව පෙන්වීමක් බවයි.

වෙබ් හා සමාජ ජාල ඉදිරියෙන්

මේ අතර අදාළ, ප්‍රතිඵල නිකුත් කිරීමේදී වෙබ් අඩවි හා සමාජ ජාල මාධ්‍ය ඉදිරියෙන් සිටි අතර ඔවුන් පසුදින මධ්‍යහන වන විට සියලුම ප්‍රතිඵල පාහේ නිකුත් කර තිබුණද රූපවාහිනී ආයතන එදින රාත්‍රිය වන තෙක්ම ප්‍රතිඵල විකාශය කරමින් සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka