gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බංගලියන් සමග ගැටෙන දෙවැනි සටන අද - තිසරට වාර්තා පොත් අතරට යන්නත් අවස්ථාවක්

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ශිලේට්හිදී අද (18) පැවැත්වෙනවා.

ශී‍්‍ර ලංකා වේලාවෙන් මෙම තරගය පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතයි.

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1 ට
බින්දුවක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.

අඛණ්ඩව පන්දුවාර විස්ස තරග 8ක් පරාජය වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉකුත්දා පැවති පළමු තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කඩුලූ 6ක විශිෂ්ට ජයක් ලබමින් එම පරාජයන් රැල්ලට තිත තැබුවා.

අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. ෂෙහාන් මධුසංඛ වෙනුවට අසිත ප‍්‍රනාන්දු කැඳවනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර තිසර පෙරේරාට පන්දුවාර විස්ස කි‍්‍රකට් පිටියේ සිය පනස්වැනි කඩුල්ල දවා ගැනීමට තවත් අවශ්‍යව ඇත්තේ එක් කඩුල්ලක් පමණයි.

අද තරගයේදී ඔහු කඩුල්ලක් දවා ගැනීමට සමත්කම් දැක්වුවහොත් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පන්දුවාර විස්ස කි‍්‍රකට් පිටියේ කඩුලූ 50 සීමාව පසු කළ සිව්වන පන්දුයවන්නා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්වනු ඇති.

මීට පෙර එවැනි දස්කමක් දක්වා තිබුණේ ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස් සහ නුවන් කුලසේකරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka