gossip lanka

ජනපතිට සහ අගමැතිට සිතාසි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොලඹ මහාධිකරණය විසින් අද දිනයේ සිතාසි නිකුත් කරනු ලැබීය.

ඒ අනුව ඔවුන් දෙදෙනා ජූලි මස 24 වන දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය.

මෙසේ සිතාසි නිකුත් කර ඇත්තේ තිස්ස අත්තනායක
එජාප හිටපු මහ ලේකම්වරයාට එරෙහිව විභාගවන නඩුවකට අදාලවයි.

අද දිනයේ එම නඩුවට පෙනී සිටින්නැයි ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දන්වා තිබුනද ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මෙම නියෝගය නිකුත් කර ඇත.

gossip lanka