gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගමට පහරදෙන දිවියන් ඉන්න ගුහාව (photos)

අවට පිහිටා ඇති තේ වතුයායවල්වලින් පළා ගිය දිවියන් තම ගම්මානයේ සැරිසරමින් සිටින බවට පවසමින් හැටන් කුඩාඔය ගම්වාසින් බියට පත්ව සිටිනවා.

හැටන් පොලිස් වසමට අයත් හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයට ඉහළින් පිහිටි කුඩාඔය ගම්මානයේ පවුල් තුන්සියක් පමණ ජිවත් වන අතර එම
ගම්මානය තේ වතුයායක් මැද පිහිටා තිබෙනවා.

දැනට දින කිහිපයක සිට තම ගම්මානයට රාති‍්‍ර කාලයේ දිවියන් පැමිණෙන බවත් එසේ පැමිණෙන දිවියන් තම නිවසේ සුරතලයට ඇති කරන සුනඛයන් ගොදුරු වශයෙන් රැගෙන යන බවත් ඔවුන් පවසනවා.

මෙම තත්ත්වය මත ගම්මානයේ ජීවත් වෙන පිරිස් අඳුර වැටෙන විට නිවෙස්වලින් එළියට නොඑන බවද ඔවුන් පවසනවා.

ගම්මානයේම විශාල ගල් ගුහාවක එම දිවියන් රැඳී සිටින බවත් ගම්වාසීන් පෙන්වා දෙනවා.

සිය ගම්මානයේ ජනතාව බියට පත්කර ඇති මෙම දිවියන් අල්ලා වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙසයි ඔවුන් වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka