gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සැත්කමෙන් පසු ඉවත් කළ දැලේ කෑල්ලක් රෝගියාගේ සිරුරේ

හර්නියා සැත්කමකින් පසු රෝගියාට නැවත එම රෝගියාට නැවත එම රෝගය සෑදීම වැළැක්වීම සඳහා එම ස්ථානයට දමන ආරක්ෂිත දැල හේතුවෙන් රෝගියාට ඇතිවූ ආසාදනයක් නිසා රත්නපුර මූලික රෝහලෙන් එම දැල ඉවත් කර ඇති අතර එහෙත් එහි අඟල් තුනක පමණ කොටසක් එම පුද්ගලයාගේ ශරීරයේ තිබී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී ශෛල්‍යකර්මයකින් බවත් කර තිබේ.

මෙම ශල්‍යකර්මයට මුහුණ දී ඇත්තේ උඩවලව
ප්‍රදේශයේ පදිංචි චමිල් එරංග නම් දෙදරු පියෙකි.

වෘත්තියෙන් සංචාරක රියදුරෙකු වන මොහු බඩේ ඇතිවූ ආසාදනයක් හේතුවෙන් ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළුවී ඇත. එහිදී ඔහුට හර්නියා සැත්කමක් සිදුකර තිබේ.

මේ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් සිදුකළ විමසීමකදී හෙතෙම මෙසේ කියා සිටියේය.

'' හර්නියා කියන්නේ බඩ වැල් එළියට එන එක. ඔපරේෂන් එක කලාම නැවත ඒ රෝගියාට එම රෝගය සෑදීම වළක්වන්න එතනට නෙට් එකක් දානවා. ඒ නෙට් එක ජීවිත කාලයටම තියෙනවා. පසුකාලිනව එතනින් සැරව ගැලීම වගේ තත්වයක් ආවොත් අපි ඒ නෙට් එක ඉවත් කරනවා. ඒ හේතුව මත රත්නපුර රෝහලෙන් උත්සාහ කරල තියෙන්නේ රෝගියා සුව කරන්න. නැවත නැවත සැරව ගලන නිසා රත්නපුර රෝහලෙන් ඒ නෙට් එක ඉවත් කරලා තියෙනවා. කාලයක් යද්දී නෙට් එක හමේ පාටට හැරෙනවා. එහෙම සිදුවූ විට මේක ඉවත් කිරීම අසීරු කාර්යයක්. මේ රෝගියාගේ නෙට් එක ඉවත් කිරීමේ දී කුඩා කොටසක් ඉතිරිවෙලා තියෙනවා. ඒ නිසා අපේ රෝහලට ඇතුළත් වූ රෝගියාගේ නෙට් එකේ ඉතිරි කොටස අපි ඉවත් කළා ''

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka