gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බහින්බස්‌වීමක්‌ දුරදිග යාමෙන් පෙට්‍රල් දමා තරුණ බිරිඳ පුළුස්සලා

අනියම් සම්බන්ධතාවයක්‌ මුල්කරගෙන සැමියා විසින් පෙට්‍රල් දමා ගිනි තැබූ බවට සැක කරන තරුණ බිරිඳක්‌ බරපතල පිළිස්‌සීම් තුවාල සහිතව පෙරේදා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කළ බැව් අග්බෝපුර පොලිසිය පැවසීය.

රෝහල් ගත කොට ඇත්තේ අග්බෝපුර බටුකච්චිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු මවක්‌ වන
කුලසේකර මුදියන්සේලාගේ රේණුකා නමැත්තියකි. ඇයගේ තත්ත්වය බරපතළ වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය ශික්‌ෂණ රෝහලට මාරුකර යවා ඇත.

රෝහල් ගතව සිටින කාන්තාව අනියම් සම්බන්ධතාවයක්‌ පවත්වාගෙන පවුලේ ආරවුල් ඇතිකර ගනිමින් විදේශ ගතවීමට සූදානම් වීම හේතුවෙන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස්‌ වීමක්‌ දුර දිග යාමෙන් සැමියාට ඇතිවූ ක්‍ෂණික කෝපය මෙම ගිනි තැබීම ට හේතුවී ඇති බව පරීක්‌ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි.

කාන්තාවගේ හිසට , මුහුණට, අත් දෙකට හා පපුව ප්‍රදේශයට බරපතළ පිළිස්‌සීම් තුවාල සිදුවීම හේතුවෙන් සම්පූර්ණ ප්‍රකාශයක්‌ සටහන් කර ගැනීමටද පොලිසියට නොහැකිවී ඇති අතර ඇයගේ තත්ත්වය බරපතළ බැව් රෝහල් ආරංචි මාර්ග පැවසීය.
 පොලිසිය සිද්ධිය වූ ස්‌ථානයට ළඟාවන විට ප්‍රදේශවාසීන් සැකකරු අල්ලාගෙන සිට ඇති අතර පසුව ඔහු පොලිසියට භාර දී ඇත.

සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලික අංශයේ ආරක්‌ෂක සේවයේ නිලධාරියෙකු ලෙස සේවය කරන අතර ඊයේ (15 දා) අධිකරණ හමුවට පැමිණවීමට නියමිතව තිබුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka