gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සකලෙගේ සයිකලේ ගිය අටකගේ IDත් අවුල් !

මහරගම නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් තරග කළ බයිසිකලය ලකුණින් තරග කළ ස්වාධීන කණ්ඩායම් අංක 02 ලයිස්තුවේ සිටින 08 දෙනෙකුගේ හැඳුනුම්පත් අංක සම්බන්ධයෙන් ගැටලු මතුව තිබේ.

එම ලයිස්තුවේ සිටින පුද්ගලයන් 08 දෙනෙකුගේ හැඳුනුම්පත් අංක පළාත් පාලන ඡන්ද හිමි ලියාපදිංචි විස්තරයේ පිරික්සා බැලීමේදී “ජාතික හැඳුනුම්පත්
අංකයට අදාළ නම සොයාගත නොහැක” යනුවෙන් තිරයේ දිස්වේ.

මැණික්පුර දේවගේ කාංචනා මධුෂිනී (966291257 V), රාජපක්ෂ මොහොට්ටිගේ කරෝලිස් (330151656 V), බෝබුවල දේවගේ ජොසපින් (475660887 V), හසිනි රුවන්ති (969354050 V), ඉඳුරුවනගේ නදීකා කුමාරි (917913412 V), දේවගේ විමලාවතී (385800671 V), පින්නවල කටුගහගේ සුසිලා නන්දාවතී (455450110 V) හා රණධීරගේ ලක්මාලි දිල්රුක්ෂි (806261238 V) යන අයගේ හැඳුනුම්පත් අංක මෙසේ ප්‍රශ්නගතව ඇත.

මෙම අපේක්ෂකයන් වැඩි පිරිස

අදාළ ලයිස්තුව පිළියෙල කර ඇත්තේ සමන්මලී සකලසූරිය මහත්මියගේ මැදිහත්වීමෙන් බව මේවන විට මාධ්‍ය වාර්තා කර තිබේ.

සමන්මලී, ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ලේලියයි.

මැතිවරණ කොමිෂන් සභාවට කල හැක්කක් නෑ !

මෙම ලයිස්තුව සම්බන්ධයෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාවට කළහැකි දෙයක් නොවන බව එහි ප්‍රකාශකයෙක් කියා සිටියේය.

ඡන්දයට පෙර අදාළ කරුණ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් කළේ නම් මැතිවරණ කොමිසමට ගත හැකි ක්‍රියාමාර්ග වූ බවත් මේවන විට එම ලයිස්තුවේ ඇතැමුන් සභිකයන් බැවින් මැතිවරණ කොමිසමට කළ හැක්කක් නැතැයි ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අප නීති විශාරදයින්ගෙන් කළ විමසීමකදී අගතියට පත් පාර්ශව වලට මේ සම්බන්ධයෙන් අධිකරණයට ගොස් රිට් ආඥාවක් ලබා ගැනීමේ හැකියාව ඇති බව ඔවුන් පෙන්වා දුන්නේය.

මැණික්පුර දේවගේ කාංචනා මධුෂිනී (966291257 V)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka