gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ පොටෝ සවිකරපු කෙනාගේ සේවය අත්හිටුවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡායාරූපයක්‌ රජයට අයත් ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථා මූලස්‌ථානයේ සවි කිරීම සම්බන්ධයෙන් එහි ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමයේ සභාපතිවරයාගේ සේවය අත්හිටුවා ඇත. පැවති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් සේවක සේවිකාවන්ගේ ඉල්ලීම මත රක්‍ෂණ සංස්‌ථා ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමයේ
සභාපතිවරයා වූ කමල් ගෝමස්‌ මහතා විසින් හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපය සවි කර තිබේ.

මේ පිළිබඳව කමල් ගෝමස්‌ මහතාට එරෙහිව පාලනාධිකාරිය විසින් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති අතර, එය නිම වන තුරු ඒ මහතාගේ සේවය අත්හිටුවා ඇත.

ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමය මගින් සවි කර තිබූ හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපය ඉවත් කිරීමට රක්‍ෂණ සංස්‌ථා අධ්‍යක්‍ෂ මණ්‌ඩලය පියවර ගෙන තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka