gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උසාවි යන්න මැ.කො. ජනයාට කතා කරයි

පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණ සමයේ දී කිසියම් අපේක්‍ෂකයකු නීති විරෝධී ලෙස භාණ්‌ඩ බෙදාදීම් හෝ රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ සිද්ධීන් පිළිබඳව සාක්‍ෂි සහිතව තොරතුරු ඇත්නම් ඊට එරෙහිව මැතිවරණ කොමිසම සමඟ අධිකරණයට යැමට ඉදිරිපත් වන ලෙස එම කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටී.

නීති විරෝධී ක්‍රියාවල නිරත වූවන්ට එරෙහිව ලැබුණු
පැමිණිලි හා ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිසම දැනටමත් ඉදිරි පියවර රැසක්‌ ගෙන තිබේ.

භාණ්‌ඩ බෙදාදීම්, නිසි ක්‍රමවේදය අනුගමනය නොකර රජයේ නිලධාරීන් මැතිවරණයට තරග කර තිබීම, රාජ්‍ය දේපළ අව භාවිතය, නුසුදුසු අපේක්‍ෂකයන් තේරී පත්වීම ආදී කරුණු පිළිබඳව සනාථ කළ හැකි සාක්‍ෂි ඇත්නම් මැතිවරණ කොමිසමේද සහාය ඇතිව අධිකරණයට යැමට ඕනෑම අයකුට අවස්‌ථාව ලැබී ඇති බවද මැතිවරණ කොමිසමේ නිලධාරියෙක්‌ පැවසීය.

සාක්‍ෂි සනාථ වුවහොත් තේරී පත්වන සභිකයන්ගේ සභික ධුරයද අහෝසි වන බව හෙතෙම කියා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka