gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් පාලන අපේක්ෂක ගැසට්එක 2දාත් පනියි ?

පාළාත් පාලන ආයතනවලට තේරී පත්ව ඇති සභිකයන්ගේ ලයිස්තු භාරදීමට ඇති අවසන් දිනය සංශෝධනය කරන ලෙස දේශපාලන පක්ෂ කිහිපයක් ඉල්ලා ඇතැයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රී ලංකා මිරර් වෙත පැවසීය.

ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල ලිඛිත ඉල්ලීම ඊයේ (27) දිනයේ ලැබීමට නියමිතව තිබූ බවද මේ අතර වාර්තා වේ.

අදාළ, ඉල්ලීම ගැන සලකා බැලීමට මැතිවරණ
කොමිසම රැස්වන බවත් ඉන් පසුව ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මේ තත්ත්වය හේතුවෙන් පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයන්ගේ නාම ලේඛනය ඇතුළත් ගැසට් පත්‍රය ලබන 02 වැනිදා නිකුත් කිරණ බවට මැතිවරණ කොමිසම විසින් මීට පෙර දන්වා තිබුණද එයද ප්‍රමාද වනු ඇතැයි පැවසේ.

පොහොට්ටුවේ ලයිස්තු කචල් !

මේ සම්බන්ධයයෙන් ශ්‍රී ලංකා මිරර් කළ සොයාබැලීමකදී හෙළිවුයේ දේශපාලන පක්ෂ කිහිපයකම ලයිස්තු මන්ත්‍රීවරු පත් කිරීම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු හේතුවෙන් අදාළ දේශපාලන පක්ෂවලට සිය ලයිස්තු ඉදිරිපත් කිරීමට නොහැකිව ඇති බවයි.

පොහොට්ටුව පක්ෂය අලුත් පක්ෂයක් වීමත් අපේක්ෂිත නොවූ ප්‍රමාණයකින් මන්ත්‍රීවරුන් පත්වීමත් යන කාරණා හේතුවෙන් එහි ලයිස්තු සකස් කිරීම බරපතල අවුලක ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් විමසීමට අප ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

සභාපතිවරු සති දෙකකින් - චමල්

මේ අතර, පළාත් පාලන ආයතනවලට සභාපතිවරු හා උප සභාපතිවරු පත් කිරීම් තවත් සති දෙකකින් පමණ සිදිකළ හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතනවලට සභාපතිවරු හා උප සභාපතිවරු පත් කිරීමේ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ කියා සිටියේය.

මේවන විට ඒ සම්බන්ධ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් භාරදී ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර අප කළ සොයා බැලීමකදී එජාප ලයිස්තු මන්ත්‍රීවරු පත් කිරීම මෙන්ම ශ්‍රීලනිප තත්ත්වයද එලෙසම ගැටලුවල පැටලී ඇති බවද හෙළිකර ගැනිමට හැකි විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka