gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාස 13ක දැරියට වද දී මහ මඟදමා ගිහින්

මාස 13 ක දැරියක මහමග දමාගොස්‌ තිබියදී පසුගියදා (03) පස්‌වරු 1.00 ට පමණ කටුවන පොලිසියට ලද පැමිණිල්ලක්‌ මත සොයාගෙන ඇත.

කටුවන වීරක්‌කුට්‌ටිගොඩ හිඳකරල්දෙනිය ප්‍රදේශයේදී මෙම දැරිය හමුවී ඇත.

දැරිය පොලිසියට හමුවන විට ඇයට වධහිංසා පමුණුවා ඇයගේ ස්‌ථාන
කිහිපයක්‌ පුලුස්‌සා තිබිණි.

පොලිස්‌ භාරයට ගත් දැරිය ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත. දැරිය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය බරපතළ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව එම දැරියගේ මව සැක කරන අතර ඇය ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇත. පවුල් ප්‍රශ්නයක්‌ මෙම සිද්ධියට හේතු වී ඇතැයි පොලිසිය පවසයි.

මේ සම්බන්ධව කටුවන පොලිස්‌ථානාධිපති අනුර ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරී කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වති.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka