gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෞද්ගලික අංශ සේවකයින් 60 න් විශ්‍රාම යවන්න තීරණයක්

රාජ්‍ය අංශයේ සේවකයින්ට වයස අවුරුදු 60 දක්‌වා සේවය කිරීමට ලබාදී ඇති අවස්‌ථාව පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ලබාදිය යුතු බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා පවසයි.

ජාතික කම්කරු උපදේශන සභාවේදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධව පවතින ගැටලු
සාකච්ඡා කිරීමට රජය සූදානම්ව සිටින බවයි.

කෙසේ වෙතත් පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම වයස 55 සිට 60 දක්‌වා වැඩි කිරීම තුළින් රට තුළ පවතින රැකියා විරහිතභාවය තවත් වැඩිවනු ඇති බවත් එය තරුණ අසහනයට වැඩිවීමට හේතුවිය හැකි බවත් සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන්ගේ අදහස විය.

පෞද්ගලික අංශයේ රැකියාවලදී කාර්යක්‌ෂමතාව පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කරන නිසා විශ්‍රාම වයස 60 දක්‌වා වැඩි කිරීම පෞද්ගලික අංශයේ නිෂ්පාදන ඵලදායිතාව පහළ වැටීමට බලපානු ඇති බව පවසන නියෝජිතයින් මේ පවතින ක්‍රමවේදය සුදුසු බව අවධාරණය කර සිටී.

මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කර සිටියේ බොහෝ ආයතනවල සේවකයන් ආර්ථික දුෂ්කරතාවන් නිසා වයස 55 න් පසුවත් සේවය කිරීමට අවස්‌ථාව ලබාදෙන ලෙස පාලන අධිකාරියෙන් ඉල්ලා සිටින බවයි. නමුත් එම අවස්‌ථාවල එම සේවකයන් නැවත සේවයට බඳවා ගනු ලබන්නේ කොන්ත්‍රාත් පදනම මත බවත් අවශ්‍ය ඕනෑම අවස්‌ථාවක සේවයෙන් අස්‌කිරීමේ පදනම ඇතිව බවත් ඔවුන් පවසයි.

එසේම එම සේවකයන්ට විශ්‍රාම ලැබීමට පෙර ලබාදුන් දීමනා සහ අනෙකුත් පහසුකම් බොහෝ ආයතන වලදී ලබා නොදෙන බවත් ලාංකීය පුරවැසියකුගේ ජීවත්වීමේ වයස අවුරුදු 75 සීමාවේ පවතින නිසා විශ්‍රාම ගොස්‌ වසර 20 ක්‌ පමණ කාලය ගත කරන නිසා විශ්‍රාම වයස අවුරුදු 60 දක්‌වා වැඩිකිරීම වඩාත් සුදුසු බවත් ඔවුහු අවධාරණය කරති.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යැමේ වයස අවුරුදු 60 දක්‌වා වැඩිකිරීමට හාම්පුතුන්ගේ පාර්ශ්වය සහ වෘත්තීය සමිති අතර එකඟතාවක්‌ ඇතිකර ගැනීමේ අපහසුතාව නිසා ජාතික විශ්‍රාම වයස සම්බන්ධව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මැදිහත්වීමෙන් විධිමත් පර්යේෂණයක්‌ සිදුකර ඔවුන්ගේ නිර්දේශ සහ යෝජනා ද සැලකිල්ලට ගෙන අවසන් තීන්දුවක්‌ ගැනීමට කම්කරු අමාත්‍යවරයා කළ යෝජනාවට මෙහිදී සියලු පාර්ශ්වයන්හි එකඟතාව පළ විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka