gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බැතේ වෙනුවට බැටේ දෙන පොළොන්නරුවේ වී මුදලාලිලා

මේ වන විට මාස්කන්නයේ වී අස්වැන්න නෙලමින් පැවැතියත් වී මිළ සිඝ්‍ර ලෙස පහළ බසිමින් පවතින බවට පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ ගොවීහු චෝදනා කරති.

ඔවුන් පවසන්නේ පුද්ගලික වෙළෙඳුන් විසින් ගොවීන්ගෙන් නාඩු වර්ගයේ වී කිලෝවක් රුපියල් 18 සිට 22ක දක්වාත්, සම්බා වී කිලෝවක් රුපියල් 30 සිට 35ක මිළටත් ගන්නා අතර වී අලෙවි මණ්ඩලය ගොවින්ගේ වී මිළ දි නොගන්නා බවයි.

මේ දිනවල පොළොන්නරුවෙ වැලිකන්ද,
දෙහිඅත්තකන්ඩිය, අඹගස්වැව සහ මීගස්වැව ප්‍රදේශවල ගොඩ වී අස්වැන්න නෙළමින් පවතින අතර ලබා ගන්නා අස්වැන්න තුට්ටු දෙකට දීමට සිදුව ඇත. පසුගිය දිනවල නාඩු වී පමණක් කිලෝ එකක් රුපියල් 50 සිට 55 දක්වා පැවැති අතර අස්වැන්න නෙළන සමය වන විට පුද්ගලික වෙළෙඳුන් තමන්ගේ අස්වැන්න අසාධාරණ ලෙස තුට්ටු දෙකට මිල දී ගන්නා බවත් ඔවුහු කියති.

තවද රජය විසින් වී මිළ දී ගැනීම ආරම්භ කරනවා නම් මේ ආකාරයට වී මිළ පහත නොවැටෙන බවත් රජය සතුව වී තොග නොමැති විම නිසා සහල් මිළ ඉහළ යන අතර වී මිළ පහළ යන ක‍්‍රමයට වී මෝල් හිමියන් සහ පුද්ගලික වී මිළදි ගන්නන් විසින් මෙම ජාවාරම සිදු කරන බව ද ගොවීහු පවසති.

මෙසේ විමට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ගොවියාට අවශ්‍ය කිසිදු දෙයක් නිසි කලට බලධාරින් විසින් ලබා නොදිමත් ලබා ගන්නා අස්වැන්න සඳහා ඉහළ මිළක් ලබා නොදීමත් නිසාය. මේ නිසා අස්වැන්න නෙළන කාලයේදී වී මිළ ඉහළ දමන ලෙස ඉල්ලා උද්ඝොෂණ උපවාස කරන්න සිදුවන බවද ඔවුන් කියා සිටී.

බලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් දේශීය වී නිෂ්පාදනය මෙන්ම සමස්ත කෘෂිකර්මාන්තයම නුදුරේදී කඩා වැටෙන බවට ගොවීහු අනතුරු අඟවති.

මේ සම්බන්ධයෙන් පොළොන්නරුව ප‍්‍රදේශ බාර වී අලෙවි මණ්ඩලයේ කලමණාකරු ආර්. එම්. ඒ රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ,

"අපි තීරණය කළා වී මිළදී ගැනිම මාර්තු 5 වැනි දා සිට සිදු කිරීමට.මෙවර පොළොන්නරුවෙන් වී කිලෝ එක්කෝටි පනස් ලක්ෂයක් මිළ දි ගැනිමට බලාපොරොත්තු වෙනවා. ඒ සදහා අවශ්‍ය ගබඩා පහසුකම් සියල්ල සුදානම්. ඒ වගේම පොළොන්නරුවේ වී අලෙවි මණ්ඩලය සතුව වී කිලෝ විසිදහක් තියෙනවා".

සමස්ථ ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා මහතා අදහස් දක්වමින්,

වී අලෙවි මණ්ඩලය සතුව වී කිලෝ විසිදාහයිලු තියෙන්නේ. ඒකෙන් එක ගමකට එක මාසයක් කන්න දෙන්න බෑ. ඒ වුණාට පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් සතුව ඉදිරි වසර 2ක් 3ක් දක්වා රටටම කන්න දෙන්න වී තියෙනවා. රජය සහ වී අලෙවි මණ්ඩලයේ නොහැකියාව මුල් කරගනිමින් මහා පරිමාණ මෝල් හිමියෝ එකාධිපතියන් ලෙස සහල් නිෂ්පාදනයේ නිරතව සිටීම නිසා අද ගොවියාට අඩු මිළට අස්වැන්න අලෙවි කිරිමටත් රටේ ජනතාවට වැඩි මිළට සහල් මිළදී ගැනීමටත් සිදුව තිබෙනවා" යැයි පැවසීය.

මේ පිළිබඳව තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පොළොන්නරුවේ කුඩා මොල් හිමියන් විනාශ කර දමා මහා පරිමාණ මොල් කාරයෝ කිහිපදෙනෙක් පමණක් ගොවියාගේ වී ටික තුට්ටු දෙකට ගන්නා බවත් කීවේය.

එමෙන්ම වී මිළ සහ හාල් මිළ ගොවි ප‍්‍රශ්නවලට විසදුමි ලබා නොදුන් යහපාලන ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව මෙවර ඡන්දේ දුන්නේ යැයිද ඔහු පැවැසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka