gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුහල්පතිනියගේ මරණයට ආණ්ඩුව වගකිව යුතුයි - පුහුණුවේ වීඩියෝව එළියට - (video)

කුරුණෑගල වාරියපොළ වයඹ නායකත්ව පුහුණු මධ්‍යස්ථානයේදී පසුගිය 17 වනදා පැවති නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර අනතුරකට ලක්ව රෝහල්ගත කිරීමෙන් අනතුරුව සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය වන ආර්.කේ.අතපත්තු මහත්මිය මිය ගියේය.

මෙම විදුහල්පතිනිගේ මරණයේ සම්පුර්ණ වගකීම ආණ්ඩුව විසින් භාර ගත යුතු බව ගුරු සංගම් පවසයි.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ විදුහල්පතිතුමියගේ මරණයට සම්පුර්ණයෙන්ම මේ ආණ්ඩුව වගකිව යුතුව තිබෙනවා. මොකද මේවා නායකත්ව පුහුණු නෙවෙයි. ඉතාමා පැහැදිලිවම හමුදා පුහුණු. මේ පුහුණුව කිසිසේත්ම වයස ඉක්ම වූ විදුහල්පතිවරුන්ට ගැළපෙන පුහුණුවක් නෙවෙයි. මේ අතපත්තු මහත්මිය වයස 51ක්. මා සතුව තිබෙනවා මේ පුහුණුවට සම්බන්ධ වෙච්ච වෙනත් විදුහල්පතිවරියක්ගේ වීඩියෝ පටයක්. කඹේ එල්ලිලා එන දර්ශනය. මේ පුහුණුවේදීම තමයි මේ අතපත්තු විදුහල්පතිනිය ඇඳගෙන වැටෙන්නේ. අපි දන්න තරමින් මෙවැනි පුහුණුවක් කරනකොට වතුරකට තමයි ඇඳගෙන වැටෙන්න ඕනේ. එහෙම එකක් නෑ මේ කියන පුහුණුව සිදු වෙන්නේ ගොඩබිමේ පිටියක. අධිකරණ වෛද්‍ය සභාවෙන් හා වෛද්‍ය ආයතනයෙන් දීලා තියෙනවා ඒකෙ හරි පැහැදිලිව කියලා තියෙනවා ඔලුවට සිදු වූ තුවාල ඇතුලේ තමයි මේ මරණය සිදු වෙලා තිබෙන්නේ කියලා.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමෙන් පරීක්ෂණයක් පැවැත්වීමට විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී ඇති අතර එම පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු විදුහල්පතිවරුන් සඳහා ලබා දෙන නායකත්ව පුහුණුව තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.

එම වීඩියෝව පහතින්,
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka