gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටැප්ලයින් එකෙන් ගෙදරටම කසිප්පු

වැලිපැන්න පොලිස්‌ වසමට අයත් මතුගම මල්වතුකන්ද ප්‍රදේශයේ නිවාසවලට ජල ව්‍යාපෘතියක්‌ මගින් සැපයෙන ජලයේ ගෝඩා මිශ්‍රව පැවැතීම නිසා පෙරේදා (20 දා) සිට මෙම ජනතාව දැඩි අසීරුතාවට මුහුණ සිටින බව වාර්තාවේ.

මල්වතුකන්ද ප්‍රදේශයේ මුත්තෙට්‌ටුවත්ත, ගන්කන්ද, මානගොඩ
ජීවත්වන පවුල් 20 කට අධික පිරිසක්‌ මේ නිසා දැඩි ලෙස පීඩා විඳින අතර එම පවුල්වල කුඩා දරු දැරියන්ට ද පෙරේදා සිට භාවිත කිරීමට සිදුව ඇත්තේ ගෝඩා මිශ්‍ර ජලය බව ගම්වාසීහු පවසති.

කලක සිට තම නිවාසවලට ජලය සපයන ජල මූලාශ්‍රය පිහිටි ප්‍රදේශයේ කිසියම් පිරිසක්‌ හොර අරක්‌කු (කසිප්පු) පෙරීමේ ජාවාරමක නිරත වන බවටත්, ඔවුන් විසින් ජලය බෙදාහරින ජල ටැංකියට ගෝඩා මිශ්‍ර කරන්නට ඇති බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

මෙම සිද්ධියෙන් පසු එම ප්‍රදේශයේ කසිප්පු විකිණීමේ නිරතව සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් අරක්‌කු නිෂ්පාදන ජාවාරම්කරු තවමත් නිදැල්ලේ පසුවන බව ප්‍රදේශවාසීහු පවසති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka