gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද දවස තීරණාත්මක දවසක් - පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු ප්‍රථම වරට පාර්ලිමේන්තුව අද රැස්වෙයි. අද පෙ.ව. 9.00ට කතානායක කරු ජයසූරිය පක්ෂ නායක සාකච්ඡාවක්ද කැඳවා ඇත. පාර්ලිමේන්තුවේ අද දිනට නියමිත කටයුතු පිළිබඳ තීරණය කර තිබියදී
හදිසි පක්ෂ නායක සාකච්ඡාවක් පැවැත්වීම ගැන ඇතැම් මන්ත්‍රිවරු විමතිය පළ කරති. පාර්ලිමේන්තුවේ නව ස්ථාවර නියෝග පිළිබඳ
සාකච්ඡා කිරීම අද සිදුකිරීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පවතින ගැටලුව නිරාකරණය වී නොමැති තත්ත්වයක් තුළ අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් පළාත් පාලන මැතිවරණයෙන් ජනාධිපති හා අගමැති නායකත්වය දුන් කණ්ඩායම් දෙකම අන්ත පරාජයට පත්ව පොහොට්ටුව ජයග්‍රහණය ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව පළමුවරට අද රැස්වීම මේ උණුසුම වඩාත් තීව්‍ර කිරීමට හේතුවක් වනු ඇතැයිද පැවැසේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරයක් තිබෙන බව පෙන්වීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරන අතර නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාට බහුතරය ඇති බවට පෙන්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය උත්සාහ කරන අතර ඊයේ සවස වනතුරුත් ඒ පිළිබඳ සාර්ථකත්වයක් දෙපාර්ශ්වයම අත්කර ගෙන නොතිබුණු බව වාර්තා විය. එම තත්ත්වය බොහෝ දුරට අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වීමට ඉඩ තිබීමද උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවීම තවත් හේතුවක් වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටිය හොත් අග්‍රාමාත්‍ය ධුරය සහ ආණ්ඩුවේ වලංගුභාවය ගැන දැඩි ලෙස ප්‍රශ්න කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජේ‍යෂ්ඨ අමාත්‍යවරයකු අප සමඟ පැවැසුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ඇති විශ්වාසයේ කිසිම ගැටලුවක් නොමැති බවයි.

මේ අතර දෙපාර්ශ්වයෙන්ම බහුතරය පෙන්වීමට සූදානම් වන සාකච්ඡා ඊයේ (18දා) මධ්‍යම රාත්‍රිය දක්වාම පැවැතුණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka