gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිලිටරි අටෑච්ලාට පුහුණුවක් නෑ !

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක හෙවත් මිලිටරි ඇටෑචි වශයෙන් කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදා නිලධාරයාගේ පිළිගත නොහැකි හැසිරීම්වලට හේතුව ඔවුන් රාජතාන්ත්‍රික කටයුතු පිළිබඳ පුහුණුවකින් තොරව තානාපති කාර්යාලවලට පත්කිරීම බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

හමුදා නිලධාරීන් නොවන අනෙකුත් නිලධාරීන්ට තානාපති කාර්යාලයේ සේවයට පෙර විදේශ කටයුතු
අමාත්‍යංශය පුහුණුවක් ලබාදෙන බව පවසන එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ හමුදා සාමාජිකයන් පත්කිරීම ආරක්ෂක අමාත්‍යංශය විසින් කෙළින්ම සිදුකරන්නක් බවය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ මිලිටරි ඇටෑච් වශයෙන් කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නැවත කැඳවා ඇති අතර ඔහු පෙබරවාරි 22 දින ශ්‍රී ලංකාවට ළඟාවී තිබුණි.

ශ්‍රී ලංකාවේ හැත්තෑ වැනි නිදහස් දිනය දා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූ විදේශගත ශ්‍රී ලාංකිය දෙමල ජාතිකයින් පිරිසකට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් තමන්ගේ උගුර හරහා කිහිප වරක් ඇඟිලි යවමින් බෙල්ල කැපීමේ හස්ත මුද්‍රාවක් පෑම සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය වීමත් සමග එම සිදුවීම දැඩි කතාබහට ලක්විය.

එම අවස්ථාවේදී යුද හමුදාපතිවරයා බ්‍රිගේඩියර්වරයාගේ සේවය වහාම අත්හිටුවා ඔහු නැවත රටට කැඳවා තිබුනත් ජනාධිපතිවරයා විසින් ඔහුගේ සේනාධිනායක බලය උපයෝගී කරගනිමින් එය අවලංගු කරනු ලැබීය.

(රාවය)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka