ථූපාරාමයේ පිංකැටය කැඩූ හොරා මාට්ටු

පොලොන්නරුව ඓතිහාසික ථූපාරාම පිළිමගෙය ඇතුළත තැන්පත් කර තිබූ පිංකැටයේ මුදල් සොරකම් කළ අයෙකු 22 වැනිදා පස්‌වරුවේ ගල් විහාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහි ආරක්‌ෂාවට යොදවා ඇති මොහු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට
අනුයුක්‌ත සේවය කරන ලද සිවිල් ආරක්‌ෂක භටයකු බව පොලිසිය සඳහන් කරයි.

සිදුවීම පිළිබඳ පොලොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ සිදු කරන අතර 23 වැනිදා සැකකරු පොලොන්නරුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.