කොළඹ වරායේ දර්ශනීයත්වය හා දෛනික ප්‍රධාන කාර්යයන් ජනතාවට දැකගත හැකි පරිදි එය ජනතාවට විවෘත කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (26 දා) පැවැසීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මෙම අදහස් පල කළේය.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අපි කොළඹ වරාය හිරකරගෙන සිටිය යුතු නැහැ. ලෝකයේ බොහෝ රටවල ඔවුන්ගේ වරාය මෙහෙම වහගෙන ඉන්නේ නැහැ. මේවා ජනතාවට පෙන්විය යුතුයි. ඒ සඳහා වරාය බලන්න ජනතාවට පහසුකම් සැලැස්වීමට පියවර ගන්නවා" යැයිද පැවසීය.
කොළඹ වරාය මහ ජනයාට විවෘත වෙයි
2018-02-27T12:57:00+05:30
Gossip Lanka Hot News
slide|