පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ගමන් කළ මෝටර් රථය යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින්
පුද්ගලයෙකු මියගොස් ඇත.
අද අළුයම 1.00ට පමණ අම්පාර - නුවර මාර්ගයේ අම්පාර, කරංගාව ජනරජ විදුහල ඉදිරිපිටදී අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපස අසුනේ ගමන් කළ අය අම්පාර මහ රෝහලට ඇතුළත් කිරිමේදී එක් අයෙකු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ උහන, තිස්සපුර ප්‍ර දේශයේ පදිංචිව සිටි අයෙකි.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය.
අනතුරෙන් මන්ත්‍රීවරයාට හානියක් සිදුව නැත.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත
මන්ත්‍රී විමලවීර දිසානායකගේ රථයේ ගැටී අයෙක් මරුට
2017-09-29T08:36:00+05:30
Gossip Lanka Hot News
slide|