gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උතුරු කොරියානුවන්ට වීසා සීමා කරන්න රජය තීරණයක

උතුරු කොරියානුවන් ශ්‍රී ලංකාවට ඇතුළුවීම සීමා කිරිම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය පුළුල් සාකච්ඡාවක් අරඹා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ලොව රටවල විරෝධය මධ්‍යයේ උතුරු කොරියාව දිගින්
දිගටම න්‍යෂ්ඨික අත්හදා බැලීම්වල නිරත වනවා.

එය ශ්‍රී ලංකාවට ඉදිරියේ දී බලපෑමක් ඇති කරනු ඇති බවයි බලධාරින් පවසන්නේ.

මෙහිදී සංචාරක වීසා සීමා කෙරෙන අතර තහනම් සංවිධානවලට අයත් පුද්ගලයන් මෙන්ම විවිධ වැරදිවලට සමිබද්ධ පුද්ගලයන් පිළීබඳව ද සැලකිලිමත් වනු ඇති.

 ඉදිරියේ දී ඔවුන්ට වීසා ලබාදීම අත්හිටුවීමටයි රජය තීරණය කර තිබෙන්නේ.

මෙම තහනම ඉදිරි  වසරක් දක්වා ක්‍රියාත්ම කිරිමටයි අපේක්ෂා කෙරෙන්නේ.

මේ සම්බන්ධයෙන් අප ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා පාලක ඩබ්.එම්.එම්.බී. වීරසේකරගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ අදාළ තීරණය සම්බන්ධයෙන් තමා දැනුවත් කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදෙන බවයි.

උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ඨික අත්හදා බැලීම්වල නිරත වීම හේතුවෙන් ජගත් ආරක්ෂක මණ්ඩලය උතුරු කොරියාව එරෙහිව අවස්ථා කිහිපයක දී දැඩි පියවර ගනු ලැබුවා.

ඉන් අනතුරුවයි ශ්‍රී ලංකා රජය මෙම තීරණය ගෙන ඇත්තේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka